www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තවමත් පාසල් යන තම 14 හැවිරිදි දියණිය වසර ගණනක් තිස්සේ කෙළෙසු නරුම පියාට මාංචු


2019-03-15 12:13:23 -  1770 යි

 වසර ගණනක සිටම තම දාහතර (14) හැවිරිදි දියණියව බරපතළ ලෙසම දූෂණයට ලක්කල පියෙකු 14 දා වේයන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
 
 බෝරුක්ගමුව , පල්ලෙවෙල ප‍්‍රදේශයේ පදිංචි ජයසේන නැමැති 53 හැවිරිදි පියෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.
 
 වේයන්ගොඩ පොලීසිය වෙත ලද පැමිණිල්ලකට අනූව සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර දැරිවිය තවමත් පාසැල් යන බවත් 2017 ජනවාරි 14 සිටම සිටම දූෂණයට ලක්ව ඇති බවත් , ඇගේ මව කිසියම් මානසික ආබාධයකින් පෙලෙන බවත් පොලිස් පරීක්ෂණව ලදී හෙළි වී ඇත.
 
 අත්අඩංගුවට පත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් දැරිවිය ගම්පහ රෝහලට ඇතුළත් කිරීමටත් පොලීසිය පියවර ගෙන තිබුණි.
 
 වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව සිල්වා මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක කුලතුංග මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com