www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ජිනීවා සමුළුවේ මානව හිමිකම් කතා කරන දා යාපනය සරසවි සිසුහු උද්ඝෝෂණයක


2019-03-13 08:28:58 -  128 යි

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් ලබන 16 වැනිදා යාපනයේදී විරෝධතා රැුලියක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
 
 ජිනීවා මානව හිමිකම් කමිටුවේ හතළිස් වැනි සැසිවාරයේදී එදිනට මානව හිමිකම් පිළිබ`දව කරුණු සාකච්ඡුා කෙරේ.
 
 යුද්ධයේ අවසන් දිනවලදී මානව සංහාරයක් සිදුවූ බවත් ඊට එරෙහිව ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් පවත්වන ලෙසත් ජිනීවා සමුළුවට බල කරමින් විශ්වවිද්‍යාල සිසුන් මෙම විරෝධතා රැුලිය පැවැත් වීමට නියමිතය.
 
 යාපනය විශ්වවිද්‍යාලය ඉදිරි පිට විශේෂයෙන් තනනු ලබන ස්මාරකයක් අබියසදී එම විරෝධතාවය පැවැත්වීමට නියමිතව ඇති අතර මේ දිනවල එම ස්මාරකය ඉදිවෙමින් පවතියි.
 
 විරෝධතා රැුලියෙන් පසුව වාහන පෙළපාලියකින් යාපනය නගරය පුරා ඇවිදිමින් මේ පිළිබදව ජනතාව ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බව යාපනය විශ්වවිද්‍යාලයේ සිසුහු කියති.
 
 මෙම විරෝධතා ස`දහා සහභාගී වන මෙන් යාපනය විශ්වවිද්‍යාල සිසුන් නැගෙනහිර පළාතේ විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ද ඉල්ලීමක් කොට ඇත.
 
 යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් ප‍්‍රකාශ කරනු ලබන්නේ නැගෙනහිර විශ්වවිද්‍යාලවල සිසුන් ද ඊට සහභාගි වන බව දැනුම් දී ඇති බවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com