www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

විත්තිකරුට දඬුවම් නියම කරද්දී 10 හැවිරිදි වියේදී දූෂණයට ලක්‌වූ දැරිය අද 18 හැවිරිදි විවාහක යුවතියක්‌ව මහාධිකරණ විනිසුරු හමුවේ හඬමින් ප්‍රකාශය!


2019-03-13 08:19:59 -  1532 යි

ම 11 වසරේදී මාස හයක්‌ ගෙදර නැවතුණා. ළමයි එක එක ඒවා කියල මාව කොන්කළා. මම ආමි එකට යන්න ආශාවෙන් සිටියේ යන්න ලැබුණේ. නෑ..... යි 10 හැවිරිදි වියේදී 48 හැවිරිදි පුද්ගලයකු විසින් දූෂණය කරනු ලැබූ 18 හැවිරිදි විවාහක යුවතියක්‌ ඉකුත් දිනෙක රත්නපුර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ හඬමින් ප්‍රකාශ කළාය.

එම යුවතිය එසේ පැවසුවේ ස්‌ත්‍රී දූෂණයට වැරදිකරු බවට තීරණය කළ විත්තිකරුට දඬුවම් නියම කිරීමට පෙර සිද්ධිය නිසා තමා අත්විඳි පීඩාව අධිකරණයට හෙළි කරන ලෙස විනිසුරුවරයා සාක්‍ෂිකාරියට නියම කළ අවස්‌ථාවේ එයට අනුගත වෙමිනි.

2008 අගෝස්‌තු මස 17 වැනි දින වයස අවුරුදු 10 ක දැරියක්‌ දූෂණය කළේ යෑයි කිතුල්ගල ලේකම්ලාගේ කුමාරසිංහ නොහොත් සුදා නමැත්තකු මෙම නඩුවේදී අධි චෝදනා ලැබ සිටියේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරු චෝදනාවට වරදකරු බවට විනිසුරුවරයා තීරණය කර දඬුවම් නියම කරන ලදී. ඒ අනුව විත්තිකරුට බරපතළ වැඩ ඇතිව වසර 15 ක සිදඬුවමක්‌ ද රුපියල් 25000 ක දඩයක්‌ ද නියම කළ අතර වින්දිත දැරියට රුපියල් ලක්‌ෂ 2 ක වන්දි මුදලක්‌ ගෙවීමටද විනිසුරු නියම කළේය.

මෙම සිද්ධියේදී දූෂණයට ලක්‌වූ 10 හැවිරිදි දැරිය මේ වනවිට 18 හැවිරිදි විවාහක කතක්‌ ලෙසට අධිකරණය හමුවේ පෙනී සිටියාය. එම අවස්‌ථාවේ අධිකරණය හමුවට පැමිණ සිටි විත්තිකරුගේ ඥතීන් කැඳවූ විනිසුරුවරයා පැමිණිලිකාර තරුණියට හෝ ඇගේ ඥතීන්ට කිසිදු ආකාරයක තර්ජනයක්‌ හෝ පීඩාවක්‌ නොකළ යුතු බවට තරයේ අවවාද කළ අතර බලන්ගොඩ පොලිසියේ නිලධාරියකු කැඳවූ විනිසුරුවරයා විටින් විට තරුණිය ගැන සෝදිසියෙන් සිටිය යුතු බවටත් ඇයට විත්තියේ පාර්ශ්වකරුවන්ගෙන් කිසියම් තර්ජනයක්‌ පවතී නම් ඒ බව අධිකරණයට වාර්තා කරන ලෙසටත් නියෝග කළේය.

විත්තිකරු දැරියට අපරාධය සිදුකර ඇත්තේ ඇගේ මව නිවසෙන් පිටතට ගොස්‌ සිටි රාත්‍රි කාලයක ඇගේ නිවස තුළදීම බවත් සිද්ධිය මවගේ අතට ම අසූ වී ඇති බවත් නඩුවේදී හෙළි විය. රජයේ අධිනීතිඥ කණිෂ්ක රාජකරුණා මහතා පැමිණිල්ල ඉදිරිපත් කළේය. බලන්ගොඩ පොලිසියේ කොස්‌තාපල් 38318 විඡේසිරි මහතා පැමිණිල්ලට සහාය විය. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com