www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මාකොළ ගණිකා නිවසක්‌ වටලති - කළමනාකාරිනිය ඇතුළු කතුන් හයක්‌ අසුවෙති


2019-03-12 08:31:28 -  1518 යි

මාකොළ ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් පවත්වා ගෙන යනු ලැබූ ගණිකා නිවාසයක්‌ වටලා තරුණ කාන්තාවන් හය දෙනකු සමග එහි කළමනාකාරිනිය සපුගස්‌කන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

එහි වැඩ බලන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක තුසිත ජයකොඩි මහතා විසින් උපාය දූතයෙකු යොදවා මොවුන් මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකි විය.

එම කාන්තාවන්ගෙන් පහස ලබා ගැනීමට පැමිණෙන පිරිමින් රුපියල් එක්‌දහස්‌ තුන්සියයක මුදලක්‌ ගෙවා එම සම්බාහන මධ්‍යස්‌ථානයට ඇතුළත් විය යුතු අතර ඉන්පසුව එම පිරිමින් විසින් තමන්ගේ කැමැත්ත මත තෝරා ගන්නා කාන්තාවන්ට ඔවුන් ඉල්ලන මුදල ගෙවිය යුතුය.

කාන්තාවන්ට ඔවුන් උපයන මුදල ඔවුන්ටම හිමිවන අතර ඒ අනුව එක්‌ කාන්තාවක්‌ දිනකට රුපියල් දහදහසක පමණ මුදලක්‌ උපයන බවට ද අනාවරණය වී තිබේ.

එම කාන්තාවන් මොනරාගල, අනුරාධපුරය, ගාල්ල හා කඩවත යන ප්‍රදේශවල පදිංචිකාරියන් වන අතර ඔවුන්ගේ වයස අවුරුදු 25 ත් 35 ක්‌ අතර වේ.

මෙහි කළමනාකාරිනිය මාකොළ ප්‍රදේශයේම පදිංචි 48 හැවිරිදි තැනැත්තියකි.

එම කාන්තාවන් තම නිවෙස්‌වලට පවසා පැමිණ තිබෙන්නේ කිරිබත්ගොඩ නගරයේ සුපිරි වෙළෙඳ සල්වල රැකියාව කරන බවටය.

එම කාන්තාවන් හය දෙනා හා කළමනාකාරිණිය මහර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යයි.

සපුගස්‌කන්ද පොලිසියේ වැඩ බලන ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක තුසිත ජයකොඩි, අපරාධ විමර්ශන අංශයේ උප පොලිස්‌ පරීක්‌ෂක වරුන් වන කේ. ඒ. නිරෝෂන්, නිපුන ද සිල්වා, පො.කො. තිලකරත්න (36589), චමින්ද (40078), කුමාර (71453), දිනේෂ් (79046), ලක්‌මාල් (82436), කාන්තා පො. සැරයන් සන්ධ්‍යා (1086) හා පො.කො. රියෑදුරු අසේල (80549) යන නිලධාරීහු විසින් මේ වැටලීම සිදු කරනු ලැබූහ.

දෙල්ගොඩ - ඩබ්ලිව්. ඩී. විතාන

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com