www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කුරු මිනිසකුගේ පැමිණිමෙන් වලස්මුල්ල හදුගල වීදපොල ගම්වාසීන් කැළඹිලා


2019-03-12 08:13:51 -  449 යි

කුරු මිනිසකුගේ පැමිණිමෙන් වලස්මුල්ල හදුගල වීදපොල ගම්වාසින් කෑළඹීමට හා භීතියට පත්ව ඇත. පසුගිය 08 වැනි දින පස්වරුවේ වීදපොල පදිංචි කාන්තාවක් කුරු මිනිසකු දැක භීතියට පත්ව කෑගසා සිහි මුර්ජාවී ඇද වැටී ඇත. එම අයගේ කෑ ගැසීම අසා පැමිණි අයෙක්ද එම ස්ථානයේ සිට දිව යන කුරු මිනිසකු දැක ඇත. 

මුලින්ම මෙම කුරු මිනිසා දැක ඇත්තේ වීදපොල පදිංචි ඩබ්ලිව්. ඒ. හිමාලි නමැති විවාහක කාන්තාවකි. ඇයගේ නැන්දනිය වන ශ‍්‍රීමනි මානෙල් මහත්මියද මෙම අයගේ කෑ ගැසීම අසා පැමිණි ප‍්‍රසාද් යන අයද මෙම කුරු මිනිසා දැක ඇත. ප‍්‍රසාද් පැවසූවේ තමන් කුරු මිනිසා පසුපස එළවා ගෙන ගිය බවත් පය පැකිළී වැටීම නිසා නතරවූ බවත්ය.

මෙම සිද්ධියෙන් පසුව සියයකට අධික ගම්වාසීන් එක්ව රාති‍්‍රය පුරාම මෙම ගම්මානයේ සෝදිසියක යෙදී ඇත. මෙම සෝදිසිය පවතිද්දීද හිමාලිගේ නිවසට යාබද නිවසක වෙසෙන පද්මජීව යන අය රැුකියාවෙන් පසුව නිවසට පැමිණ නිවස පිටුපසට ගිය අවස්ථාවේ තමන්ද මෙම කුරු මිනිසා දුටු බව පවසයි.

මෙම කුරු මිනිසුන්ගේ කතාව ආරම්භ වූයේ අම්පාර තොට්ටම ප‍්‍රදේශයෙන් වන අතර මෙම තත්ත්වය වරින්වර ලංකාවේ විවිධ ප‍්‍රදේශවලින් වාර්තා වන ග‍්‍රීස් යකා වැනි ආකාරයේ ප‍්‍රබන්ධයක් විය හැකි බවටද මතයක් පලවෙමින් පවතී.

මුල්කිරිගල - පී. එස්. හෙට්ටිආරච්චි

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com