www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කෝටි 700යේ දියමන්ති මංකොල්ලය මෙහෙය වූ මදූෂ්ගේ ගෝලයාද අන්දා ලක්ෂ 37කට සුරයක් විකිණූ ජ්‍යෝතිෂ්‍යවේදියා මෙන්න!


2019-03-11 15:18:30 -  639 යි

පසුගිය දින වලදී එක් ජ්‍යෝතිෂ්‍යවේදියෙක් රටේ මහත් ආන්දෝලනයට ලක්විය. ඒ එම ජ්‍යෝතිෂ්‍යවේදියාගේ ලක්ෂ 37ක් වටිනා සුරයක් නිසාවෙන් සහ රටෙහිම කතාබහට ලක්වූ කෝටි 700යේ දියමන්ති මංකොල්ලයටද ඔහුගේ නම ඇදීම නිසාය. එම ආන්දෝලනාත්මක ජ්‍යෝතිෂ්‍යවේදියා පිළිබඳ තවත් තොරතුරු අප වෙත වාර්තා වේ.

රටෙහිම කතාබහට ලක්වූ, පුවත් මැවූ කෝටි 700යේ දියමන්ති සොරකම ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම මැණික් මංකොල්ලය ලෙසද හැඳින්විනි. 

පාතාල නායක මාකඳුරේ මදූෂ් විසින් සැලසුම් කර මෙම කොල්ලය සිදු කළ බවට අනාවරණය කර ගැනීමට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කළ පොලිස් කණ්ඩායම් සමත් විය. මාකඳුරේ මදූෂ් ඩුබායිහීදි  අත්අඩංගුවට පත් වීමත් සමග මෙම මංකොල්ලයේ සුලමුල හෙළිවිය.

ඉන්පසුව ලද තොරතුරු අනුව මෙම මංකොල්ලය සිදු කළ ප්‍රධාන සැකකරු ඇතුලු පිරිස අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි විය. එහිදි රුපියල් කෝටි 700ක් වටිනා බව කියන දියමන්ති සහ මැණික් කොල්ලය සිදු කළ ප‍්‍රධාන සැකකරු පාතාල සමාජික කැලූම් ඉන්දික නමැත්තා පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේදි පොලිස් අත්අඩංගුවට පත් විය.

පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම මංකොල්ලය මෙහෙය වූ කැලූම් ඉන්දික මාකඳුරේ මදූෂ්ගේ ප‍්‍රධානම සහායකයා ය. මාකඳුරේ මදූෂ්ගේ උපදෙස් සහ නියෝග මත පසුගිය කාලයේ සිදු කළ බරපතළ අපරාධ ගණනාවක් මෙහෙයවා ඇත්තේ කැලූම් ඉන්දික විසින් බව විමර්ශනවලින් හෙළි වී ඇත.

එහිදී පොලීසිය විසින් අනාවරණය කර ගත් තවත් විශේෂ සිදුවීමක් වූයේ මෙම පාතාල සමාජිකයා විසින් භාවිතා කරන ලද විශේෂ සුරයකි. අප්‍රිකාවෙන් ගෙන්වූ සිංහ තෙල් අඩංගු යැයි කියන මෙම සුරය වෙනුවෙන් කැලූම් ඉන්දික ජ්‍යෝතිෂ්‍යවේදියෙකුට ලක්ෂ 37ක මුදලක් ගෙවා තිබේ.

එහිදි මෙම සුරය ලබා දුන් ජ්‍යෝතිෂ්‍යවේදියා විසින් සුරය සෑදීමට යොදා ගන්නා රත්‍රං සදහා ලක්ෂ 2ක්ද, එහි අඩංගු යැයි කියනා සිංහ තෙල් සඳහා ලක්ෂ 35ක්ද ලබාගෙන තිබෙන බව හෙළිවිය.

නමින් නිලංග නම් මෙම සුරය ලබා දුන් ආන්දෝලනාත්මක ජ්‍යෝතිෂ්‍යවේදියා රජයේ රූපවාහිනි මාධ්‍ය ආයතනයක වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස අතීතයේ කටයුතු කර තිබේ. ඉන්පසුව එම වෘත්තියෙන් ඉවත් වන ඔහු පූර්ණ කාලීන ජ්‍යෝතිෂ්‍යවේදියෙක් ලෙස කටයුතු කිරීම අරඹා තිබේ.

ඉන්පසුව එක්තරා පෞද්ගලික රූපවාහිනි නාළිකාවක උදෑසන ජ්‍යෝතිෂ්‍ය වැඩසටහනක් ඉදිරිපත් කිරීමට මොහු කටයුතු කර තිබේ. පාතාල සමාජික කැලුම් ඉන්දික, නිලංග හඳුනාගෙන තිබෙන්නේ මෙම වැඩසටහන හරහා ය. ඉන්පසුව ජ්‍යෝතිෂ්‍යවේදි නිලංග හමු වීමට ගොස් තිබෙනා කැලුම් ඉන්දික තමන්ට ආරක්ෂාවක් කර ගත යුතු බව පවසා තිබේ.

එහිදි නිලංග පවසා ඇත්තේ තමන් සතුව අප්‍රිකාවෙන් ගෙන්වන ලද සිංහ තෙල් පවතින බවත්, එමගින් අපල උපද්‍රව දුරු වී වෙඩි නොවදින ආරක්ෂාවක් සිදු වන බවයි. එම සිංහ තෙල් සුරයක තැන්පත් කර ලබා දීමට ලක්ෂ 35ක් වැය වෙන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

එහිදි පාතාල සමාජිකයාට සුරය පිළිබඳ විස්වාසය ඇති කිරීමට මෙම සුරය ආසන්නයෙන් තබා පොල් ගෙඩියක් කරකවා යම් ඇස් බැන්දුමක් සිදු කීරිමටද අදාල ජ්‍යෝතිෂ්‍යවේදියා කටයුතු කර තිබේ.

කැලුම් ඉන්දික අත්අඩංගුවට පත් වීමත් සමග ඔහුගේ මෙම සුරය පිළිබඳව අනාවරණය කර ගත් පොලීසිය නිලංග ජ්‍යෝතිෂ්‍යවේදියාගෙන් ඒ සම්බන්ධව ප්‍රශ්න කිරීමට කටයුතු කර තිබේ. එහිදි පොලීසියට අනාවරණය වී තිබෙන්නේ මෙලෙසට සුරය සදහා ලක්ෂ 37ක් අය කළද නිලංග බිල්පත් වල සඳහන් කර ඇත්තේ උපරිම ලක්ෂ 7ක මුදලක් පමණක් බවයි.

එහිදි මෙම ජ්‍යෝතිෂ්‍යවේදීයා පොලීසියට පවසා තිබෙන්නේ ලක්ෂ පහක පමණ ද්‍රව්‍ය ලක්ෂ 35ට විකුණා ඉතිරි ලක්ෂ 30ක මුදල බිල් පත් වල සඳහන් නොකර තබා ගැනීමට තමන් කටයුතු කළ බවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com