www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

"බ්ලුමැන්ඩල් සංඛ" ඉන්දියාවේදී අත්අඩංගුවට


2019-03-03 09:50:42 -  552 යි

ශ්‍රී ලංකාවේ සිට නීතිවිරෝධී අයුරින් ඉන්දියාවට පැමිණ සැඟවී සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් සහ ඉන්දීය ජාතිකයෙක් තමිල්නාඩු කේනිකරායි ප්‍රදේශයේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පළමුව මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමන විගමන නිතිය උල්ලංඝණය කරමින් ඉන්දියාවේ රැඳී සිටීමේ චෝදනාවටය.

නමුත් සිදුකර තිබෙන විමර්ශන වලට අනුව අත්අඩංගුවේ ගෙන ඇත්තේ කොළඹ පදිංචිකරුවන් දෙදෙනක් වන  ඩි.සංඛ හෙවත් සිරිනාත් (අවුරුදු 33) සහ සබ්රාස් මොහොමඩ් (අවුරුදු 28)  බවයි වාර්තා වෙන්නේ. මනුෂ්‍ය ඝාතනයන් දෙකක් සිදුකොට මොවුන් දෙදෙනා ඉකුත් දෙසැම්බර් මාසයේ දී නිතිවිරෝධිව අයුරින් මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පැමිණ ඇති බවට එරට බුද්ධි අංශ විසින් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ කරුණු අනාවරණය කර ගෙන ඇත.

මෙලෙස ඉන්දීයාවේ තමිල්නාඩු හිදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන සංඛ ශිරන්ත හෙවත් "බ්ලුමැන්ඩල් සංඛ" බවට සැක කරනවා. ඒ ඉකුත් දෙසැම්බර් මස 26 වෙනිදා ග්‍රෑන්ඩ්පාස් හේනමුල්ල ප්‍රදේශයේ දී බ්ලුමැන්ඩල් සංඛ විසින් සිදුකරනු ලැබූ වෙඩි තැබීමකින් 31 හැවිරිදි පුද්ගලයෙක් මිය යාමේ සිද්ධියෙන් පසු ඔහු සොයා මෙරට ආරක්ෂක අංශ මෙහෙයුම් ආරම්භ කිරීමත් සමග ආරක්ෂාව පතා ඉන්දියාවට පළා යන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

නීති විරෝධී අයුරින් ඉන්දියාවට ඇතුල්වූ පසු සංඛ එරට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ හැඳුනුම්පතක් "කුමාර්" යන නමින් සකස් කොට ගෙන ඇති අතර එහි පදිංචිය තමිල්නාඩු දින්ඩිකල් ලෙස සඳහන් කර තිබී ඇති බව එරට පොලිසිය සඳහන් කරයි.

සංඛ සහ අනෙක් ශ්‍රී ලාංකික පුද්ගලයා මිට පෙර 2018 වසරේ ජුලි මාසයේදී ඉන්දියාවට පැමිණ යළි මුහුදු මාර්ගය ඔස්සෙ ශ්‍රී ලංකාවට ගොස් ඇතයි ඉන්දීය බුද්ධි අංශ විසින් සිදුකරනු ලබන ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය කර ගෙන ඇත.

මෙම පුද්ගලයින් දෙදෙනා සමග අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ජාතිකයා ඔවුන් වෙනුවෙන් කෑම පිසීම සහ අත් උදව් දීම සඳහා යොදවා ගෙන සිට ඇති බවටයි හෙළිවී ඇත්තේ.

සංඛ සහ සබ්රාස් හට ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට ඒමට උපකාර කළ බව කියන කාලිදාස් නම් ධීවරයෙක් සොයා තමිල්නාඩු විශේෂ පොලිස් ඒකකය මේ වන විට මෙහෙයුමක් ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සිදුවන නීතිවිරෝධී පුද්ගලයින් ප්‍රවාහනය කිරීම සහ ඔවුන්ට නවාතැන් සැපයීමේ නියෝජිතයා වශයෙන් කාලයක් පුරා ඔහු මෙම ජාවාරම සිදුකර ඇති බවට එරට ආරක්ෂක අංශ කරුණු හෙළි කර ගෙන තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com