www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යුද ටැංකි චෙක් කරන්න චෙක් යන්නහිටි අයට පොල්ලක්


2019-03-03 09:31:26 -  347 යි

විශේෂ කාර්ය බළකායට අලුත් ගිනිඅවි දහසක් ඇමරිකාවෙන් මිලදීගැනීමට සැලසුම්කර ඇතැයි පොලිස් අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

මත්ද්‍රව්‍ය ජාවාර හා සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීමට යැයි කියමින් මෙම ගිනිඅවි ආරක්ෂක අමාත්‍යංශය මිලදීගැනීමට සූදානම් වන බව පැවසේ.

එම් 16 වර්ගයේ ගිනිඅවි 500ක්ද, එම් පී වර්ගයේ මැෂින් තුවක්කු 250ක් හා පිස්තෝල 200ක් මෙසේ මිලදී ගැනීමට සැරසෙන බවද වාර්තා වේ.

මේ අතර, මාලිහි මෙහෙයුම් සඳහා පරණ යුද ටැංකි මිලදීගැනීමට යුද හමුදාව සූදානම් වන බවට හෙළිවීමත් සමඟ එම ටැංකි නිරීක්ෂණයට චෙක් ජනරජයට යුදහමුදාවෙන් යැවීමට සිටි නිලධාරීන්ගේ සංචාරය නවතා දමා ඇතැයි වාර්තා වේ.

එසේම එම හෙළිදරව්වත් සමග පසුගිය කාලයේදී මෙරටට අවිආයුධ ගෙනඒමේ තැරැව්කරුවන් ලෙස කටයුතු කල පිරිස් ආරක්ෂක අමාත්‍යංශයේ සැරිසැරීම වැඩිවී ඇතැයිද වාර්තා වේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com