www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දෙමටගොඩ චමින්දගේ සහෝදරයාගේ නිවස STF වටලයි - මුදල් ගිනි අවි ඇතුළු හමුවූ දේ මෙන්න


2019-03-01 10:04:53 -  235 යි

මේ වන විට බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන දෙමටගොඩ චමින්ද නැමැති පුද්ගලයාගේ සහෝදරයාගේ නිවස පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පරික්ෂාවට ලක්කර තිබේ.

එම නිවසේ තිබූ පිස්තෝල ගිනි අවි 2ක්, වායු රයිෆලයක්, වායු පිස්තෝල එකක්, කඩු තුනක් අශ්ව බල 1000 යතුරු පැදියක්, කොකේන් ග්‍රෑම් තුනක් පමණ ප්‍රමාණයක්, නවීන මෝටර් රථයක්, නවීන ජීප් රථ දෙකක් හා මුදලින් රුපියල් ලක්ෂ 50ක් පමණ සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මෙම නිවසේ සිටි දෙමටගොඩ චමින්දගේ සහෝදරයා වන අවුරුදු 42ක් රුවන් චමිල ප්‍රසන්න ඇතුළු සැකකරුවන් 8ක් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් අතර පාකිස්තාන ජාතිකයෙක්ද සිටියි.

වැඩිදුර විමර්ශන සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මගින් සිදුකරන අතර එම නිවස  සෝදිසි කිරීම තවදුරටත්  සිදුකරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

දෙමටගොඩ චමින්ද නැමැති සංවිධානාත්මක අපරාධකරු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතන සිදුවීමට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සමග මරණීය දණ්ඩණය නියම වූ අයෙකි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com