www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

විශ්‍රාමික බි්‍රගේඩියර් සරත් ඇඹව අවසන් ගමන් යයි


2019-02-22 08:17:57 -  594 යි

කුරුණෑගල - විජේසිංහ වැලිකන්ද

ශ්‍රී ලංකා යුද හමුදා පාබල රෙජිමේන්තුවේ සහ විශේෂ බළකායේ සේවයේ නියුතුව සිට විශ්‍රාමික සරත් කුමාර ඇඹව රණවිරුවාණන් පසුගිය 20දා සවස කුරුණෑගල, මල්කඩුවාව නාගරික ආදාහනාගාරයේදී ආචාර වෙඩි මුර සමඟ 1500කට වැඩි යුද හමුදා නිලධාරීන් පිරිසකගේ උත්තමාචාර ලබමින් අවසන් ගමන් ගියේය. කුරුණෑගල නගරයේ සිටි මීගමු පාරේ මඟ දෙපස දහස් ගණන් ජනතාව රණවිරුවාට අවසන් ගෞරව දැක්වීමට රැඳී සිටියහ.
කුරුණෑගල මලියදේව විද්‍යාලයේ කීර්තිමත් ශිෂ්‍යයකු වන ඇඹව රණවිරුවා පාසලේ කැඩෙට් කණ්ඩායමේ සහ කැඩෙට් තූර්ය වාදක කණ්ඩායම නියෝජනය කළ අතර රගර් ක්‍රීඩාවෙන්ද දස්කම් පෑවේය.

රට දැය වෙනුවෙන් කළ අනුපමේය සේවය අගයමින් රණවික්‍රම පදක්කම, රණශූර පදක්කම, උත්තම සේවා පදක්කම, දේශපුත්‍ර සම්මානය, උතුරු මානසික මෙහෙයුම් පදක්කම, නැඟෙනහිර මානසික මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැඟෙනහිර මෙහෙයුම් සම්මානය, වඩමාරච්චි මෙහෙයුම් සම්මානය, රිවිරැස මෙහෙයුම, 50 වැනි නිදහස් සමරු පදක්කම, යුද හමුදා 50 වැනි සමරු පදක්කම සහ යුද හමුදා සේවයේ දීර්ඝකාලීන සේවා සඳහා පිරිනමන විශේෂ පදක්කම ඔහුගේ ජීවිතය ආලෝකවත් කළේය.

යුද හමුදා සේවයට සමගාමීව සෙනෙහස, අධ්‍යාපනික පර්යේෂණ සහ තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයකු ලෙසද රණවිරු සෙවණ අණ දෙන නිලධාරියකු ලෙසද සමාජ මෙහෙවරට දායක විය.
ඇතුගල්පුර සහෘද ජනතාවගේද මලියදේව විද්‍යාලයීය සහෝදර පිරිසගේද මතකයේ බි්‍රගේ්‍රඩියර් ඇඹව නාමය නොමැකෙන ලෙස සනිටුහන් කොට කුරුණෑගල මල්කඩුවාව ආදාහනාගාරයේ දුම් සහ අළු බවට පත්විය. ලෝකයේ වෙනස් කළ නොහැකි දහම එයයි. ඇඹව රණවිරුවාණෙනි, ඔබට අමාමහ නිවන් සුව!

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com