www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පිය සෙනෙහස කෙළෙසූ නරුම පියෙක්‌ ලෙයින් වැදූ දියණිය දූෂණය කරලා... බාප්පාත් අත්අඩංගුවට


2019-02-21 16:01:43 -  1453 යි

අහංගම සුගතපාල දීයගහගේ
 
පහළොස්‌ හැවිරිදි බාල වයස්‌කාර දැරියක්‌ දූෂණය කිරිම සම්බන්ධයෙන් ඇයගේ පියා සහ බාප්පා යක්‌කලමුල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
 
 පොලිසියට ලැබි ඇති පැමිණිල්ල අනුව මෙම සිසුවියගේ මව සහ පියා නිත්‍යානුකුව වෙන්ව ඇති අතර ඔවුන්ගේ දරුවන් දෙදෙනා අධිකරණය මගින් පියාට බාරදි ඇත. ඒ අනුව දැරිය මිත්තණියගේ නිවසේද ඇයගේ සොහොයුරා ඒ අසලම නිවසක පියා සමගද ජීවත්ව සිටින විට පියාගේ මල්ලි පැමිණ ඇයට බරපතළ ලිංගික අපයෝජනයක්‌ සිදුකර තිබේ.
 
 එම සිද්ධිය මිත්තණියට පැවසූවිට බාප්පා එහෙම කරනවාදැයි යනුවෙන් අසා මිත්තණිය සිද්ධිය යටපත් කර තිබේ. මේ අතර ඇය වැඩිවියට පත්වීමෙන් පසු පියා විසින් තමා පදිංචි නිවසට ඇය කැඳවාගෙන ගොස්‌ ඇය දූෂණය කර තිබේ. එම සිද්ධියද මිත්තණියට පැවසුවිට තාත්තල එහෙම කරවාදැයි අසා එම සිද්ධියද යටපත් කර ඇත.
 
 මේ අතර ඇය පාසලේදි ලොකු අම්මාගේ දියණියක්‌වන ඥාති සහෝදරියකට සිද්ධිය පැවසිමෙන් පසු ඇය ඒ බව කොළඹ සිටින දැරියගේ මවට පවසා තිබේ. පසුව මව පැමිණ පොලිසියට පැමිණිලි කර ඇත.
 
 අත්අඩංගුවට ගන්නා ලද පියා, බාප්පා කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු ගාල්ල අතිරේක මහේස්‌ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
 
 යක්‌කලමුල්ල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරික්‌ෂක දමිත පෙරේරා මහතාගේ උපදෙස්‌ පරිදි ළමා හා කාන්තා කාර්යංශයේ ස්‌ථානාධිපතිනි උප පොලිස්‌ පරික්‌ෂිකා ජයවර්ධන මහත්මිය විසින් වැඩිදුර පරීක්‌ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com