www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නිවාසාන්තරවලට මුවාවී පාසල් දැරිය පෙම්වතා සමග වසර එකහමාරක පමණ කාලයක් පෙම් සුව විඳලා..!


2019-02-15 10:57:24 -  3869 යි

මාතර - අමල් තුෂාර
 
 මාලිම්බඩ පොලිස් වසමෙහි හොරෙගොඩ ප‍්‍රදේශයේ 19 හැවිරිදි බාලවයස්කාර දැරියක සමග අඹුසැමි ඇසුරක් පැවැත්වු 23 හැවිරිදි පෙම්වතා සැකපිට අත්අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලිසිය පැවසීය. 
 
 මෙම බාලවයස්කාර දැරිය සමග අඹුසැමි ඇසුරක් පැවත්වීමට අනුබල දුන් සැකකරුගේ ඥාතියකු වන 47 හැවිරිදි පුද්ගලයකු ද මාලිම්බඩ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙම බාලවයස්කාර දැරිය වසර එකහමාරක පමණ කාලයක් අදාල සැකකරු සමග පෙම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් ඇති බව විමර්ශනයන්හිදී අනාවරණය වු බව මාලිම්බඩ පොලිසිය පවසයි. 
 
 පසුගිය දිනක බාලවයස්කාර දැරිය සිය නිවසින් පිටව ගොස් ඇත්තේ පාසලෙහි පැවැත්වෙන නිවාසාන්තර මළල කී‍්‍රඩා තරඟ සඳහා සවස් කාලයේද පාසලේ රැඳෙන බවට දෙමාපියන්ට පවසමිනි. 
 
 එහෙත් සවස් කාලයේදී දැරිය නිවසට නොපැමිණීම පිළිබඳව කලබල වූ ඇයගේ දෙමාපියන් සිද්ධිය සම්බන්ධයෙන් මාලිම්බඩ පොලිසියට පැමිණිලි කර ඇත. 
 
 බාලවයස්කා දැරිය එදින සිය පෙම්වතා සමග අකුරැුස්ස ප‍්‍රදේශයට පැමිණ පසුව දෙනාම මොරවක ප‍්‍රදේශයේ ඥාති ගෙදරක තවාතැන් ගෙන තිබේ. මාලිම්බඩ පොලිසිිය විමර්ශනයන් තුළින් අනාවරණය කර ගත් කරුණු සැලකිල්ලට ගෙන ගනිමින් බාලවයස්කාර දැරිය ස්ති‍්‍ර ෂණයකට ලක්කල 23 හැවිරිදි පෙම්වතා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. බලවයස්කාර දැරිය මාතර මහ රෝහල වෙත වෛද්‍ය පරීක්ෂණයන් සඳහා යොමු කිරීමෙන් අනතුරුව දැරිය අපහරණයට ලක්ව ඇති බව වෛද්‍ය වාර්ථාවන් ගෙන් සනාථ කර ඇතැයි මාලිම්බඩ පොලිසිය පැවසීය. 
 
 කොට්ඨාස බාර පොලිස් අධිකාරී ජී. එස්. මාරපන මහතාගේ උපදෙස් මත මාලිම්බඩ පොලිසියේ ස්ථානාධිපති පො. ප. ජී. කේ. ඞී. ජයවික‍්‍රම, උ.පො.ප. එස් විජේසේකර, පො. සැ. (17208* සරත්, පො.සැ. (24666* සොයිසා, පො.කො. (63097* ජිනදාස, පො. කො (55899* ජයවර්ධන, කාන්තා පොලිස් නිලධාරිනී පො.කො (5316* ජීවනි යන පිරිස සැකකරුවන් අත්ඩංගුවට ගෙන වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කර ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com