මාකඳුරේ මදුෂ් ඇතුළු පාතාල නායකයින් 04 දෙනෙකු සහ මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු ඩුබායි හෝටලයකදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
අද (05) අලුයම ඩුබායි හි ප්‍රධාන පෙළේ හෝටලයක කොකේන් නැමැති මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 20 දෙනෙකු එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතර කෙසෙල් වත්තේ දිනුක ඇතුළු ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයින් සිටි බවට වාර්තා වේ.
මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු ද සිට ඇති බව වාර්තා වෙයි.