www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පෙම්වතියගේ නිරුවත පෙම්වතාගේ ෆෝන්එකේ සැකකරු අත්අඩංගුවට


2019-01-31 10:48:39 -  1050 යි

සිය පෙම්වතියගේ නිරුවත් ජායාරූප ස්මාර්ටි ජංගම දුරකථනයකින් ජායාරූප ගත කර සිය ජංගම දුරකථනයෙහි ජායරූප එකතුවක සටහන් කර ගෙන සිටි 22 හැවිරිදි තරුණයකකු පිළිබඳ කොටවිල පොලිසියට ලද තොරතුරක් මත මිරිස්ස බණ්ඩරමුල්ල ප‍්‍රදේශයේදී සැකපිට ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව කොටවිල පොලිසිය පැවසීය. 

ස්මාර්ටි ජංගම දුරකථනයකින් තරුණියකගේ අසභ්‍ය ජායාරූප රූපගත කර ජංගම දුරකථනයෙහි රූප ගබඩාවෙහි සටහන් කර ගත් තරුණයෙකු පිළිබඳ කොටවිල පොලිසියට ලද තොරතුරකට අනුව අදාළ සැකකාර තරුණයා අත්ඩංගුවට ගෙන විමර්ෂණය කිරීමේ එම ජායාරූප සිය පෙම්වතියගේ නිරුවත් ජායාරූප බවට තරුණයා විසින් පිළිගෙන තිබේ. සැකකාර තරුණයා සංචාරක මග පෙන්වන්නෙකු ලෙසද කටයුතු කරන බව පොලිසිය පවසයි. අත්ඩංගුවට ගත් සැකකරු පොලිස් ඇපමත මුදාහැර ඇති අතර අද (31) අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ. 

කොටවිල පොලිස් ස්ථානාධිපති පො.ප ජානක තුෂාර මහතාගේ උපදෙස් පරිදි කොටවිල පොලිස් ස්ථානයෙහි නිලධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

මාතර අමල් තුෂාර

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com