www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නිදහස් දිනය වෙනුවෙන් හෙට සිට ජාතික කොඩිය ඔසවන්නැයි රජයෙන් ඉල්ලීමක්


2019-01-31 10:10:03 -  288 යි

ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් හෙට (01 දා) සිට පුරා සතියක් රජයේ ආයතන පවත්වාගෙන යන සියලූම ගොඩනැඟිලිවල සහ සෑම නිවසකම ජාතික කොඩිය එසවීමට කටයුතු කරන ලෙස රජය ඉල්ලා සිටී.

එමෙන්ම පෙබරවාරි 03 සහ 04 දිනවලදී රජයේ ආයතන පවත්වාගෙන යන ගොඩනැඟිලි විදුලි ආලෝකයෙන් අලංකාර කිරීමට කටයුතු කරන ලෙසද රජය ඉල්ලා සිටී.

මෙවර ජාතික දින උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින් ජනාධිපති ඉබ‍්‍රහිම් මොහොමඞ් සෝලිස් මහතා සහ එම මහත්මිය සහභාගි වීමට නියමිතය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන ජාතික දින උත්සවයේදී එදින පෙරවරු 9.13 ට ජනාධිපතිවරයා ජාතිය ඇමැතීමට නියමිතය. ජාතික දින ආචාර පෙළපාලිය සඳහා ශ‍්‍රී ලංකා යුද, ගුවන්, නාවික, හමුදාවෙන් ශ‍්‍රී ලංකා පොලිසියෙන්, සිවිල් ආරක්‍ෂක බළකායෙන් සහ ජාතික ශිෂ්‍ය භට බළකායෙන් සාමාජිකයන් 7504 ක පමණ පිරිසක් සහභාගි වීමට නියමිතය.

චමින්ද සිල්වා

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com