www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඇල්පිටිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි 14 හැවිරිදි ළමයෙකුට රෝහලේ කාර්ය සහායකයෙකුගෙන් බරපතල අතවරයක්‌!


2019-01-30 17:03:17 -  922 යි

ඇල්පිටිය මූලික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටි 14 හැවිරිදි බාල වයස්කාර පිරිමි ළමයෙකුට බරපතල ලිංගික අතවරයක් කරන ලදැයි ඇල්පිටිය පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද එම රෝහලේ රෝහල් සේවකයා රුපියල් ලක්ෂයක (1,00000/-) ශරීර ඇපමත මුදාහැරීමට ඇල්පිටිය මහෙස්ත‍්‍රාත් ගයාන් 

මීගහගේ මහතා සිකුරාදා (25) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මීට අදාළ නඩුව 2019 මැයි 27 දින නැවත කැඳවන බවත් මහෙස්ත‍්‍රාත්වරයා දැනුම් දුන්නේය.

මෙසේ ඇපමත මුදාහරින ලද්දේ ඇල්පිටිය මූලික රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයෙකු ලෙස සේවය කරන ඌරන්වල, ඇල්ල, ඇල්පිටිය ලිපිනයේ පදිංචිකරුවෙකි.

ලිංගික අපයෝජනයට ලක්ව ඇත්තේ ඇල්පිටිය ප‍්‍රදේශයේ පාසලක 09 වන ශේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකි.

ඇල්පිටිය මූලික රෝහලේ 02 වාට්ටුව බාර වෛද්‍ය නිලධාරීවරයා විසින් ඇල්පිටිය පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ලිංගික අතවරයට ලක්ව ඇති සිසුවා උණ සෙම්ප‍්‍රතිශ්‍යාව වැළඳීම හේතුවෙන් ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත්ව 02 වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ලිංගික අතවරයට ලක්ව ඇති බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. 

ඇල්පිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජනක සම්පත් මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක සනත් මෙන්ඩිස් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com