www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මධූෂ්ගේ ගෝලයෙකු ඇතුළු 06ක් මත්කුඩු සමග අත්අඩංගුවට


2019-01-29 08:11:21 -  389 යි

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව පැවසෙන මාකදුරේ මධූෂ්ගේ ගෝලයෙකු බව පැවසෙන පුද්ගලයෙකු ඇතුළු 06 දෙනෙකු රත්නපුර ඉඳුරුව ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අයිස් නමැති මත්ද්‍රව්‍ය හා ගංජා සමගයි. රංග නමැති 29 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 38 හැවිරිදි අනියම් බිරිඳ ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

හෙයින්තුඩුව ප‍්‍රදේශයේ පදිංචි මෙම රංග නැමැත්තා අපරාධ නඩු පහක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටින අයෙකු බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ඔහු රත්නපුර ගොලූවාවිල ප‍්‍රදේශයේ නිවසක් කුලියට ගෙන අනියම් බිරිඳ සමඟ වාසය කරන බවයි හෙළි වී ඇත්තේ.

සැකකාර කාන්තාව සතුව තිබී අයිස් නමැති මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර සිරිපාගම පොලිසිය සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.  

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com