www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාසල් සිසුවියක් වැසිකිලියේ දී දරුවෙකු බිහි කරයි.තමා කිසිවක් නොදන්නා බව ඇය පොලිසියට කියයි.


2019-01-26 17:04:44 -  1871 යි

මොණරාගල මැදගම පොලිස් බල ප්‍රදේශයේ පදිංචි එකොලහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් දැරියක් වැසිකිලියක් තුලදී දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා.දරුවා බිහි කිරීමෙන් පසු දැරිය මේ බව ඇයගේ මවට පවසා ඇති අතර ඇය මෙම දැරිය කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.පසුව මැදගම පොලිසියට මෙම සිද්ධිය වාර්තා වීමත් සමග පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

එහිදී අදාල දැරිය පොලිසියට පවසා ඇත්තේ තුනටියේ ඇති වූ වේදනාවක් නිසා තමා වැසිකිලියකට ගිය බවත් තමා දරුවෙකු බිහිකිරීමට සිටින බව නොදැන සිටි බවත්ය.දරුවා බිහි වන තුරු මෙම කිසිවක් තමා නොදැන සිටි බවද ඇය පොලිසියට පවස ඇත.

පසුව පොලිසිය සිදු කල විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මෙම දැරිය දෙදහස් දාහත වර්ෂයේදී එම ප්‍රදේශයේම පදිංචි අයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකර කරගෙන ඇති අතර එහිදී එම වර්ෂයේ සිට මොවුන් අඹුසැමියන් ලෙස එක් වී සිට ඇති අතර පසුව පසුගිය වසරේ මාර්තු මස අවසන් වරට තමන් ඔහු සමග එක් වූ බව දැරිය පොලිසියට පවසා ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු මැදගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචි විසිදෙහැවිරිදි තරුණයෙක් වන අතර ඔහු බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.දැරිය සහ බිලිදා යහපත් සෞඛ්‍ය තත්වයෙන් බිබිල මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර මේ පිළිබඳ විමර්ශන මැදගම පොලිසිය සිදු කරයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com