www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අන්තවාදී ප‍්‍රහාරයක අවධානමක් - මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයට හමුදා ආරක්ෂාව දෙයි


2019-01-25 13:01:40 -  1620 යි

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයට අද (25) සිට පොලිස් හා යුද හමුදා ආරක්ෂාව ලබා දී තිබේ. 

අන්තවාදී කණ්ඩායම් වලින් විහාරස්ථානයට එල්ල විය හැකි ප‍්‍රහාරයක් වළක්වා ගැනීම එහි අරමුණ වී ඇත.

විහාරස්ථානයට මෙසේ පොලිස් හා යුද හමුදා ආරක්ෂාව ලබා දී ඇත්තේ තමන් වහන්සේ විසින් සිදුකළ දැනුම් දීමකට අනුව බව විහාරාධිපති කොළඔ මේධාලංකාර හිමියෝ පවසති. 

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ ආරම්භය ක්‍රි. පු. 3 වැනි සියවසයේ බවට සාදක ඇති අතර එය මේ වන විට පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත්කර තිබේ.  

එම විහාරස්ථානය හා එහි ඇති බුද්ධ ප‍්‍රතිමා වහන්සේ වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කටයුතු කරන බව දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් දිස්ත්‍රික් හිටපු පළාත් සභා මන්තී‍්‍ර ටී.රවිහරන් මහතා ප‍්‍රකාශ කර තිබිණි.  

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com