www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

11 හැවිරිදි සිසුවිය කෙළෙසු 18 තරුණයා දැලේ


2019-01-18 10:09:47 -  515 යි

දිනසේන රතුගමගේ
 
 කිළිනොච්චි මල්ලාවී මාන්තෙයි බටහිර ප‍්‍රදේශයේදී වයස අවුරුදු 11 ක පාසල් ශිෂ්‍යාවක දූෂණය කළ වයස අවුරුදු දහ අටක තරුණයකු මල්ලාවී පොලීසිය විසින් 17 දා අත් අඩංගුවට ගෙන තිබේ.
 
 මෙම ශිෂ්‍යාව නිවසේ සිට 16 දා සවස දිය නෑම සදහා  ගම්මානයේ වැව වෙත ගොස් තිබේ. ඒ අවස්ථාවේදී සැකකාර තරුණයා මෙම ශිෂ්‍යාව වැව අසල ලදු කැළයකට බලහත්කාරයෙන් රැගෙන ගොස් දූෂණය කොට තිබේ.
 
 සිද්ධියෙන් පසුව ශිෂ්‍යාව නිවසට පැමිණ මේ බව නිවසේ උදවියට පැවසීමෙන් අනතුරුව පොලීසිය අදාල ශිෂ්‍යාවගෙන් කට උත්තර ලබාගෙන සැකාකාර තරුණයාව අත්අඩංගුවට ගෙන තිබේ.
 
 මල්ලාවී පොලීසිය සැකකරුගෙන් ප‍්‍රශ්න කරගෙන යන අතර ඔහුව කිළිනොච්චිය දිසා අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට පියවර ගෙන තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com