www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අකිල නිවැරැදිකරුවකු වෙන්න අවශ්‍ය කටයුතු අරඹයි


2018-12-12 08:15:51 -  489 යි

පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට තහවුරු වීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන්(අයි.සී.සී) තහනමකට ලක්වූ අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරැදි කිරීමේ පුහුණුවීම් හෙට ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.

තවද මෙම තහනම සම්බන්ධයෙන් පෙරේදා(10දා) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අයි.සී.සී.ය ප්‍රකාශ කර සිටියේ ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්වට අනුව ඔහු දැනට පවතින රෙගුලාසි යටතේ අවසර හිමි අංශක 15ක ආනතිය ඉක්මවන බවයි. කෙසේ වෙතත් අයි.සී.සී.ය පනවන ලද එම තහනමට අනුව අකිල ධනංජයට දේශීය ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවන නමුත් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරැදි කරගන්නා තුරු සති තුනක කාලයක් ක්‍රීඩා සමාජ තරගවලටද සහභාගි නොකරවීමට පුහුණුකාරිත්වය කටයුතු කර ඇති බව දැනගන්නට ඇත.

පසුගිය එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ගාල්ලේදී පැවැති පළමු තරගය අතරතුරදී අකිලගේ පන්දු යැවීම සැක සහිත බව අයි.සී.සී.ය ප්‍රකාශයට පත්කළ අතර නොවැම්බර් 23දා ඔස්ට්‍රේලියාවේ බි්‍රස්බේන් නුවරදී පැවැති පරීක්ෂණයකින් අනතුරුව ඔහුට මෙම තහනම පැනවීමට අයි.සී.සී.ය පියවර ගත්තේය. තවද අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරැදි කරගත් පසු අයි.සී.සී. රෙගුලාසිවල 4.2 යන වගන්තිය යටතේ ඔහුට මෙම තහනම පිළිබඳ නැවත සලකා බැලීමට ඉල්ලීමක් කිරීමේ හැකියාව පවතී.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com