www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ලංකාවට ගෙනාවේ කිලෝ 400 න් කොටසක් පමණයි - එක කිලෝ එකකින් කිලෝ අටක් හදනවා..! අත්අඩංගුවට ගත් හෙරෝයින් ජාවාරම්කරුවෝ සියල්ල වමාරයි


2018-12-11 11:15:29 -  713 යි

පසුගියදා අත්අඩංගුවට ගැණුනු කිලෝ 231 ක ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම කුඩු තොගය කිලෝ 400 ක තොගයකින් කොටසක් බවත්, එහි ඉතිරි කොටස ජාවාරම්කරුවන් විසින්  සීෂෙල්ස් රාජ්‍යයට සහ ඩුබායිවලට යවා ඇති බවටත් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු හෙළි කරගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ හෙරොයින් තොගය ජාත්‍යන්තර මුහුදේ ගමන් කරන යාත්‍රාවකින් ලබාගත් බවත්, ඉන් කොටසක් සීෂෙල්ස් රාජ්‍යයට හා ඩුබායිවලට බෝට්ටු මගින් යැවූ බවත්, අදාළ හෙරොයින් තොගය ශ්‍රී ලංකාවේ බෙදාහැරීම සඳහා ගොඩබිමට ගෙනා බවත් සැකකරුවන් පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.

එසේම අදාළ හෙරොයින් තොගය කිසිදු දෙයක් කලවම් නොකරන ලද ඒවා වන අතර ලංකාවේදී එම හෙරොයින් කිලෝවකින් හෙරොයින් කිලෝ 08ක්  නිෂ්පාදනය කරන බවයි අත්අඩංගුවට පත් ජාවාරම්කරුවන් හෙළිකර තිබෙන්නේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය නාවික හමුදාවේද සහය ඇතිව බේරුවල හා බලපිටිය අතර මුහුදු සීමාවේදී මෙම හෙරෝයින් තොගය අත්අඩංගුවට ගත් අතර එහි වටිනාකම කෝටි 277 කට අධික බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් මේ වන විට මෙම හෙරොයින් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම පිරිස හා දේශපාලනඥයින් අතර යම් සම්බන්ධතාවයක් තිබේද යන්න පිළිබඳව  පරීක්ෂණ පවත්වන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

  ඔබේ අදහස්
Nme -
Message -
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com