www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තම පුතාගේ විවාහ මංගල්‍ය තම නංගීට දැනුම් දීමට යද්දී බසයේ ඇතිවුණ පෙමක්‌ හින්දා විවාහක කතට රන් මාලය අහිමි වෙයි


2018-11-14 12:24:09 -  348 යි

හලාවත අධිකරණ - ඒ. යූ. ගුණපාල

විවාහක කාන්තාවක්‌ බස්‌ රථයකදී හඳුනාගත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක්‌ ඇතිකරගෙන රුපියල් 76,000 ක්‌ වටිනා රන් මාලය අහිමිකර ගෙන හලාවත පොලිසියට පැමිණ පැමිණිල්ලක්‌ කර තිබේ.

පැමිණිලිකාරිය ආඬිඅම්බලම මිනුවන්ගොඩ ප්‍රදේශයේය. 47 හැවිරිදි ඇය සැමියාගෙන් වෙන්ව ජීවත් වෙයි.

තම පුතාගේ විවාහ මංගල්‍ය තම නංගීට දැනුම් දීම සඳහා ඇයගේ ලොකු අම්මා ද සමග 04 දින බස්‌රථයකින් එමින් සිට ඇත.

එම බස්‌රථයට වෙන්නප්පුවෙන් නැගුන ප්‍රියන්ත නම් අයකු සමග කතාබහකට යොමුවී ඔහුත් සමග ප්‍රේම සම්බන්ධයකට මුලපුරා තිබේ.

පැමිණිලිකාරිය හලාවත පැමිණ ආපසු නිවස බලා යන අතරේ ප්‍රියන්ත යන අය නැවත හමුවී දෙදෙනාම මීගමුව ප්‍රදේශයේ ලැගුම්හලකට ගොස්‌ එහි රාත්‍රිය ගතකර ඇත. ලැඟුම්හලේ සිටියදී ඇයගේ ගෙල බැඳි රුපියල් 76,000 ක්‌ වටිනා පෙන්ඩනය සහිත රන් මාලය ගලවා ඇයගේ අත් බෑගයේ දමාගෙන තිබේ.

ප්‍රියන්ත යන අය ඇයව විවාහ කර ගැනීමට කැමැත්ත පළකිරීම නිසා ලැඟුම්හලේ සිට උදේ මුන්නේශ්වරම් දේවාලයට පැමිණ ඇත.

දෙදෙනාම දේවාලයට ගොස්‌ ආගමික කටයුතු සිදුකර තේ පානය සඳහා හෝටලයකට ගොස්‌ තිබේ. තේ පානයෙන් පසුව ඇය මුදල් ගෙවීමට යැමට රන් මාලය දමා ඇති අත් බෑගය ඔහු අතට දී ඇත.

ඔහු අත් බෑගය අතේ තබාගෙන වැසිකිළියට ගිහින් එන්නම්. ඔයා හෝටලයේම ඉන්න කියා පිටව ගොස්‌ තිබේ. ඔහු දැන් එයි දැන් එයි කියා බලා සිටියද ඔහු නොපැමිණීම නිසා හෝටලයෙන් එළියට බැස පාර දෙස බලන විට එවෙලේ පැමිණි බස්‌ රියකට ඔහු නගිනවා දැක තිබේ.

කරකියාගත දෙයක්‌ නොවූ තැන ඇය සිදුවූ සියල්ල හලාවත පොලිසියට පැමිණ දිගහැර ඇත. නිවසේ අය මේ ගැන දැනගනීවි යයි යන බියක්‌ ඇති බවද කියා ඇත.

මාදම්පේ ප්‍රදේශයේ පදිංචි බව කියන ප්‍රියන්ත නම් අයව අත්අඩංගුවට ගැනීමට හලාවත පොලිසිය විමර්ශන සිදු කරයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com