www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ටොෆි දෙන්නම් කියා රවටා දැරියකට අවුරුද්දක්‌ තිස්‌සේ හදි කළ සීයා ඇතුළට; වසර 45 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්‌


2018-11-14 08:14:02 -  265 යි

මත්තල - දිලිප් එන්. ජයසේකර

පාසල් ඇරී නිවෙසට යමින් සිටි 9 හැවිරිදි දැරියක රවටා පාළු නිවසකට රැගෙන ගොස්‌ බරපතළ ලිංගික අපයෝජනයකට ලක්‌ කළ 69 හැවිරිදි සිවුදරු පියකුට වසර 45 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්‌ හා අපයෝජනයට පත් දැරියට රුපියල් එක්‌ලක්‍ෂ පනස්‌දහසක වන්දි මුදලක්‌ ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු අජිත් එම්. මාසිංහ මහතා ඊයේ (13 දා) නියෝග කළේය.

මෙලෙස සිරදඬුවම් නියම වූයේ ලුණුගම්වෙහෙර, පඩව්ගම, පුංචිඅප්පුජදුර පදිංචි අමදොරු ගලප්පත්තිගේ සිරිපාල නමැති අයෙකි.

සැකකරු 2004 වසරේ ඔක්‌තෝබර් 11 වැනිදා සිට වසරකට අධික කාලයක්‌ විටින් විට ටොෆි අරන් දෙන්නම් කියා රවටා දැරිය පාළු නිවසකට රැගෙන ගොස්‌ අපයෝජනයට ලක්‌ කර තිබේ. සැකකරුගේ නිවස ආසන්නයේ පදිංචි හිතවතකුගේ 9 හැවිරිදි දැරියක මෙලෙස අපයෝජනයට ලක්‌ කර ඇත.

දැරිය ලුණුගම්වෙහෙර විද්‍යාලයක 04 වසරේ ඉගෙනුම ලබන අතර ඇය පාසල ඇරී නිවසට යන අතර වාරයේ සැකකරු සිය යතුරුපැදියෙන් පැමිණ දැරිය නිවසට ඇරලවන බව පවසමින් යතුරුපැදියට නංවාගෙන ඒ අසල පිහිටි පාළු නිවසකට රැගෙන ගොස්‌ අපයෝජනයට ලක්‌කර තිබේ. පසුව ඇයට රුපියල් 50 ක්‌ දී මේ බව කිසිවකුටත් නොකියන ලෙසත් කාට හෝ කීවොත් සැකකරුත් වස බී දැරියටත් වස පොවන බවටත් දැරියට තර්ජනය කර තිබේ.

සැකකරු වසරකට අධික කාලයක්‌ තිස්‌සේ දැරියට මුදල් දෙමින් මෙලෙස අපයෝජනයට ලක්‌ කර තිබේ. දැරියගේ පන්ති භාර ගුරුතුමිය දැරිය පාසල් වෙලාවේ ටොෆි චොකලට්‌ ආදිය වැඩි වශයෙන් කන අයුරු දැක ඒ බව විදුහල්පතිවරයාට දන්වා තිබේ. ඒ අනුව විදුහල්පතිවරයා දැරිය කැඳවා මේ සඳහා මුදල් ලැබෙන්නේ කාගෙන්දැයි කළ විමසීමේදී දැරිය මේ පිළිබඳව විදුහල්පතිවරයාට පවසා තිබේ. ඒ අනුව විදුහල්පතිවරයා දැරියගේ ආච්චි අම්මා විදුහලට ගෙන්වා කරුණු පැහැදිලි කරදී පොලිසියට යොමු කර ඇත.

දැරියගේ මවද පවුල අතහැර ගොස්‌ ඇති අතර දැරිය බලාගෙන ඇත්තේ ආච්චි අම්මා විසිනි. පසුව දැරිය හා දැරියගේ ආච්චි අම්මා විසින් ලුණුගම් වෙහෙර පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුට එරෙහිව නඩු විභාගය පැවතිණි. සැකකරුට එරෙහිව වසර 13 ක්‌ තිස්‌සේ පැවති නඩු විභාගය අවසන් කරමින් එම නඩුව වෙනුවෙන් පත් කරන ලද පූර්වගාමී හම්බන්තොට මහාධිකරණ විනිසුරු අජිත් එම්. මාසිංහ මහතා සැකකරුට එරෙහිව දඬුවම් පැමිණවීය.

සැකකරුගේ වයස පිළිබඳව සලකා බලා චෝදනා 3 සඳහා නියම කළ වසර 45 ක සිරදඬුවම එකවර වසර 15 කින් ගෙවී යන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියම කෙරුණි.

මීට අමතරව අගතියට පත් දැරිය සඳහා රුපියල් එක්‌ලක්‍ෂ පනස්‌දහසක වන්දි මුදලක්‌ ගෙවන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය එය නොගෙවන්නේ නම් තවත් වසරක ලිහිල් වැඩසහිත සිරදඬුවමක්‌ ද නියම කෙරුණි. පැමිණිල්ල වෙනුවෙන් ලුණුගම්වෙහෙර පොලිසිය සමග රජයේ අධිනීතිඥ රංගිකා රාජපක්‍ෂ මහත්මිය පෙනී සිටියාය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com