www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නින්දට පෙර නිදිපෙති පොවා දියණිය ගැබිනියක කළ නරුම පියා ගමෙනුත් පැනලා - මවට සොහොයුරාට කිව්වොත් ඔවුන් මරණ බවට තර්ජන කර


2018-11-12 11:42:49 -  705 යි

නින්දට පෙර නිදිපෙති ලබාදී මවට සහෝදරයාට පැවසුවොත් එ් දෙදෙනාව මරා දමන බවට තර්ජනය කරමින් වයස අවුරුදු 18ක පාසල් සිසුවිය ගැබිනියක් කළ සැකකාර පියෙකු සොයා කුලියාපිටිය පොලිසිය පුලූල් පරීක්‍ෂණ අරඹා ඇතැයි පොලිස් ආරංචි මාර්ග ස`දහන් කරයි.

කුලියාපිටිය ඇඹව ප‍්‍රදේශයේ පදිංචිව සිටි සැකකාර පියා මේ වනවිට ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු සොයා පුලූල් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

කුලියාපිටිය ප‍්‍රධාන පාසලක උසස්පෙළ සිසුවියක් එසේ පියා විසින් ගැබිනියක් කර ඇති අතර සිසුවිය 4 වසරේ පමණ ඉගෙනුම ලබමින් සිටියදී පියා විසින් අයුතු ස්පර්ශයන් සිදුකර ඇති බවත් කල්යත්ම සිසුවිය රාත‍්‍රී නින්දට යනවිට සැකකාර පියා නිවසේ සිටින දිනවලට තද රෝස පැහැයෙන් යුතු පෙත්තක් ලබාදෙන බවත් මූලික පොලිස් පරීක්‍ෂණවලින් හෙළිව තිබේ.

දැරිය නිවසේ සිටියදී දරුණු උදරාබාධයක් හේතුවෙන් රෝහල් ගත කිරීමේදී කුලියාපිටිය මූලික රෝහලෙන් ඇය ගැබ්ගෙන ඇති බවට තහවුරුවීමෙන් පසුව දැරියගෙන් කළ ප‍්‍රශ්න කිරීම් හමුවේ සිය පියාගෙන් වයස අවුරුදු 9 පටන් සිදුව තිබූ අතවරයන් හා අපයෝජන පිළිබ`ද පොලිසියට පවසා තිබින.

කුලියාපිටිය කොට්ඨාස බාර පොලිස් අධිකාරි ඔශාන් හේවාවිතාරණ, මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අජිත් ප‍්‍රියන්ත යන මහත්වරුන්ගේ් උපදෙස් මත ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂිකා සාවිත‍්‍රි සිරිමාන්න මහත්මියගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් දයාරත්න (58527). කාන්තා පොලිස් කොස්තාපල් චන්දිමා යන මහත්ම මහත්මීන් සැකකරු සොයා පරීක්‍ෂණ ආරම්භකර ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com