www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කෑගල්ලේ සංවිධායකගේ ගිණි අවි සිද්ධිය ගැන ශ්‍රී ලනිපයේ අදහස


2018-10-19 07:23:11 -  411 යි

ගිනි අවි සමග අත්අඩංගුවට ගත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ කෑගල්ල දිස්ති‍්‍රක් සංවිධායක ඉමිතියාස් කාදර් සම්බන්ධයෙන් විමර්ශන අපක්ෂපාතීව සහ නිදහස්ව සිදුවිය යුතු බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ‍ෙ පවසනවා. පක්ෂයේ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසන්නේ දේශපාලනඥයෙකු වීම නිසා ඔහුට කිසිඳු ආකාරයක විශේෂ කර සැලකිමක් නොවිය යුතු බවයි. 

අධිකරණ කි‍්‍රයාමාර්ග වලදී ඉමිතියාස් කාදර් වරදකරු වුවහොත් ඔහු සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විසින් විනය කි‍්‍රයාමාර්ග ද ගන්නා බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්යය බලකාය ඊයේ  ඉමිතියාස් කාදර්ගේ නිවස වටලනු ලැබුවා. එම් පී ෆයිව් ගිනි අවියක්, ටී 56 ගිනි අවියක් සහ රිපීටර් වර්ගයේ ගිනි අවියක් එහිදී සොයා ගත් බවයි  නෙත් නිවුස් ඊයේ දහවල් 12 ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් අනාවරණ කළේ. ගිනි අවි සඳහා යොදා ගන්නා පතරොම් තොගයක්ද මෙම වැටලීමේදී සොයා ගෙන තිබෙනවා. ගිනි අවි සමග ඉමිතියාස් කාදර්ද අත්අඩංගුවට ගැණුනු බවයි පොලීසිය පැවසුවේ. 

 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com