www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ශ‍්‍රීලනිප මාවනැල්ල ආසන සංවිධායක ඉමිතියාස් කාදර්ගේ නිවසෙන් ප‍්‍රභූ ආරක්ෂක අවි තොගයක්


2018-10-18 10:03:50 -  1379 යි

මාවනැල්ල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක හා කෑගල්ල පළාත් සභාවේ හිටපු සභානායක ඉමිතියාස් කාදර් මහතා ප‍්‍රභූ ආරක්ෂාව සඳහා යොදාගන්නා එම්පී5කේ අවියක් ටී56 අවියක් රිපීටර් අවියක් ඇතුළු ආයුධ සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් කෑගල්ලේදී අද අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරක් මත කාදර් මහතාගේ නිවසේ අල්මාරියේ සහ ඇඳක් යට සඟවා තිබියදී මෙම අවි ආයුධ සොයාගෙන ඇත.

මෙහිදී අත්අඩංගුවට ගත් එම්පී5කේ ගිනිඅවිය මෙරට ප‍්‍රභූ ආරක්ෂාවේ යෙදී සිටින කමාන්ඩෝ හා එස්ටීඑෆ් භටයන්ටත් ඇත්තේ සුළු ගිනි අවි සංඛ්‍යාවක් බවත් සැකකරු විසින් මෙම ගිනි අවිය තමාගේ ආරක්ෂාවට විදෙස් රටකින් ගෙන්වා ගත් බවත් ප‍්‍රකාශ කර ඇතැයි ආරක්ෂක අංශ නිලධාරියකු පැවැසීය.

කෑගල්ලේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන සැකකරු තැබෑරුම් හා වෙළෙඳසැල් හිමිකරුවකු වන අතර අනෙක් ගිනි අවි ගම්පහ ප‍්‍රදේශයෙන් මිලදී ගත් බව හෙළිකර ඇත.

සැකකරු සතුව තිබූ අවි ආයුධවලට අමතරව එම්පී5කේ ගිනිඅවිවලට යොදන උණ්ඩ 79ක්, ටී56 මැගසින් 2ක් හා එම උණ්ඩ 33ක් ද වන බව සඳහන් වේ.

පොලිස් විශේෂ කාර්ය බළකා සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්ආර් ලතීෆ් මහතාගේ මෙහෙයවීම යටතේ ඇති බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඊඑස් ධර්මප‍්‍රිය ඇතුළු කණ්ඩායමක් හා කෑගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් එක්ව මෙම වැටලීම කර ඇත.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com