www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

"ආවා කල්ලිය හිස ඔසවා නැගිටියි" යාපනය පුරාම කඩු කිනිසි ගෙන භීෂණය, ඉන්දියාවේදි යුධ පුහුණුවත් ලබයි! (PHOTOS)


2018-10-16 12:39:13 -  1414 යි

උතුරු පළාත පුරාම භීෂණය වපුරමින් නැගී සිටින ආවා කල්ලිය තව තවත් සිය සංවිධාන ශක්තිය වැඩි කරගනිමින් සිටින බව වාර්තා වෙනවා. මේ අනුව මෙතෙක් කඩු,කිනිසි වැනි ආයුධ වලින් සිය භීෂණය පැතිරවූ ආවා කල්ලිය මේ වනවිට ගිනි අවි සහ තුවක්කු පුහුණුව ලබමින් සිටින බවට මාධ්‍ය වාර්තා පළ වෙනවා. ආවා කල්ලියේ ප්‍රධානතම නායකයන් සහ සටන් සාමාජිකයන් පිරිස ඉන්දියාවවට ගොස් දකුණු ඉන්දියාවේදි මෙලෙසින් සටන් පුහුණුව ලබන බව මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. එල්.ටී.ටී.ඊ කොටි සංවිධානයද සිය මුල් කාලයේ සාමාජිකයන් කිහිපදෙනෙකු සමගින් ගොස් යුධ පුහුණුව ලැබුවේ දකුණු ඉන්දියාවේදි වීම විශේෂයි.

මේ අතර ආවා කල්ලියේ සාමාජිකයන් පසුගිය 14 දා සදහා කඩුද රැගෙන පැමිණ  මහ දවල් යාපනයේ කෝවිලක රත්තරන් කොල්ල කා ගොස් තිබෙනවා. යාපනයේ චාවාකච්චේරි නානාවිකුලි කන්නගි අම්මාන් කෝවිලට දහවල් 12.30 ට පමණ පැමිණ කෝවිලේ පූසාරි හා ඔහුගේ පවුලේ උදවිය දහවල් 2 පමණ වනතුරු සිර කොට තබා රත්තරන් පවුම් 15 ක් හා මුදලින් රුපියල් 41000 ක් මංකොල්ල කා පලාගොස් තිබේ.

මෙලෙසින් ආවා කල්ලිය උතුරේ මංකොල්ලකෑම් සිදු කරන්නේ ඉන්දියාවේදි ආවා කල්ලි සාමාජිකයන් ලබනා යුධ පුහුණුව සදහා අවශ්‍ය මුදල් සෙවීමට බවව වාර්තා වෙනවා. ඔවුන් මේ අන්දමට යුද පුහුණුව ලබන්නේ ඉන්දියාවේ පෞද්ගලික ආයතනයකට මුදල් ලබා දීමෙන් බවටද තොරතුරු වාර්තා වෙයි.

මේ අතර දිනෙන් දින හිස ඔසවන ආවා කල්ලි භීතිකාව මර්ධනය කිරීමට පසුගියදා යුධ භමුදාව බලය ඉල්ලා සිටියා. එහෙත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර විසින් ආවා කල්ලිය මර්ධනයට යුධ හමුදාව ඉල්ලු බලය ලබා දීම ප්‍රතික්ෂේප කර සිටියා. අමාත්‍යවරයා පැවසූවේ උතුරේ සිදු වන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැළැක්වීම සඳහා යුද හමුදාවට බලතල ලබාදීමේ අවශ්‍යතාවක් නැතැයි යනුවෙනි. මේ අතර ආවා කල්ලිය පිළිබදව පාර්ලිමේන්තුවේදි අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ පසුගියදා කළේ ආවා කල්ලිය කඩු කිනිසි වැනි ආයුධ පමණක් ඇති කුඩා සංවිධානයක් පමණක් බවයි.

මංකොල්ලයයක් සදහා කඩු කිනිසි ගෙන යාපනයේ සැරිසරන ආවා කල්ලි සමාජිකයන් සී.සී.ටී.වි කැමරාවක සටහන්ව තිබූ ආකාරය


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com