www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යාපනයේ යතුරුපැදි කල්ලි පළමු බිල්ල ගනී


2018-10-15 17:49:35 -  574 යි

යාපනය කෝපායි ඌරලු ප්‍රදේශයේදී යතුරුපැදි කල්ලියකින් සිදු කල පහරදීමක් හේතුවෙන් කාන්තාවක් ඊයේ (14) රාත්‍රියේ මිය ගොස් ඇති බවට කෝපායි පොලීසිය කියා සිටියේය. ඌරලු බටහිර ප්‍රදේශයේදී යතුරුපැදි හතරකින් 08 දෙනෙකුගෙන් යුත් පිරිසක් මාර්ගයක ගමන් කරමින් සිටියදී මාර්ගයේ ගමන් කරමින් සිටි තවත් තරුණයෙකු සමග බහින්බස්වීමක් ඇතිව තිබෙන අතර බහින්බස් වීම දුරදිග ගොස් එය ආරවුලක් බවට පත් වී ඇත.

පසුව යතුරුපැදිවලින් පැමිණි තරුණයින් පොලු මුගුරු වලින් අදාල තරුණයාට පහරදීම සිදු කල අවස්ථාවේදී පහරකෑමට ලක් වූ තරුණයාගේ මව එම ස්ථානයට දිව විත් පහරදීම වැලක්වීමට පියවර ගෙන ඇත. එම අවස්ථාවේදී එක් තරුණයෙකුගේ පොලු පහරක් මවගේ හිස ප්‍රදේශයට වැදීමෙන් බරපතල තුවාල ලැබීමත් සමග පහරදුන් තරුණයින් පලා ගොස් ඇති අතර තුවාල වූ කාන්තාව රෝහල්ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇති බවට කෝපායි පොලීසිය කියා සිටියේය.

පහරදීමෙන් මිය ගොස් ඇත්තේ 58 හැවිරිදි ඌරලු බටහිර ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රරාජා විජේකුමාරි නැමති කාන්තාවක් වන අතර පහරදීම සිදු කල පිරිස් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් අරඹා ඇති බවටද කෝපායි පොලීසිය කියා සිටියේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com