www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පොලිස්පති හැඟුම්බර වෙයි


2018-10-15 12:15:09 -  645 යි

සෑම දෙනාගේ අවශ්‍යතාව තමන් පොලිස්පතිධුරයෙන් සමුගැනීම නම් තමන් සිය තනතුරින් ඉල්ලා අස්වීමට සූදානම බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට ඉල්ලා අස්වෙන ලෙසට දැනුම් දී නොමැති නමුත් ජනපතිවරයාගේත් අගමැතිවරයාගෙත් ඇඟවීම් තමන්ට තේරී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

දැන් ඉතින් හිටියා ඇති කියලා හිතෙනවා. මම අවුරුදු 33 ක් පොලිසියේ අවංකව රාජකාරි කළා. කාගෙන්වත් එක ගල් කැටයක් අරගෙන නැහැ. මේවා දන්න අය දන්නවා. මම හරි හම්බ කර ගත්තේ මිනිස්සුයි, ආත්ම ගරුත්වයයි, නමයි විතරයි. මෙහෙම අවංකව වැඩ කරද්දී ලැබෙන්නේ ගල් විතරක් නම් තවදුරටත් තනතුරුවල ඉඳල වැඩක් නැහැ.

මට දැන් ඉතිරි වෙලා තියෙන්නේ අම්මගේ ආදරයයි පවුලේ සෙනෙහසයි විතරයි. සමහරු ෆේස්බුක් එකේ මගේ අම්මාගේ ෆොටෝ එකේ බෙල්ල කපලා වෙනත් මුහුණු දාලා අපහාස කළා. මට බණින එක ඉවසගන්න පුළුවන්. නමුත් අම්මට අපහාස කරපු එක දරන්න බැහැ.

මම හොරෙක්, දූෂිතයෙක්, වංචනිකයෙක් නොවෙයි. හොරු ගාණට දැම්මට පස්සේ මම රැකගෙන ආපු ආත්මගරුත්වයට මොකද වෙන්නේ. මට තාමත් මටම කියලා ගෙයක් නැහැ. ගෙයක් කුලියටවත් සොයාගන්න ඕනෑ. මොකද දරුවන්ට ඉන්න හිටින්න තැනක් තියෙන්න එපායැ.

එසේම තමන් ඉල්ලා අස්වෙන දිනයක් තවමත් තීරණය කර නැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

-සුජිත් හේවාජුලිගේ 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com