www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ආවා ට ආයුධ දෙන ශිවකුමාර් අල්ලයි


2018-10-15 10:40:43 -  479 යි

යාපනය, චුන්නාකම් ප්‍රදේශයේදී ආවා කල්ලියට කඩු කිණිසි සපයන එහි කල්ලි සාමාජිකයකු පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් විසින් ඊයේ (14දා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.ශිවලිංගම් ශිවකුමාර් නමැති මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විටත් ඔහු සතුව කඩුවක් තිබූ බවද පොලිසිය සඳහන් කරයි.

ආවා කල්ලිය සිදු කළ කලහකාරී ක්‍රියා සම්බන්ධයෙන් මීට පෙරද මෙම සැකකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවද පොලිසිය පවසයි.

ආවා කල්ලියට ආයුධ සැපයීම සඳහා දුරකථනය හරහා ඔහු යෙදුණු සංවාද රැසක්ද ඔහුගේ ජංගම දුරකථනයේ තිබී සොයා ගෙන ඇති බවද පොලිසිය පවසයි.

මෙම සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා චුන්නාකම් පොලිසියට භාර දී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, උතුරු දිසා භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ඍජු අධීක්ෂණය මත මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com