www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගැසට් පත්‍රයේ සඳහන් උපරිම මිල ගණන් ඉක්මවා සුදු සීනි වික්කොත් වැඩවරදී


2018-10-15 09:25:27 -  293 යි

ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් සියයකටද ඇසුරුම් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 105ක මිලකටද අලෙවි කළ යුතු බවට පාරිභෝගික අධිකාරිය ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කොට තිබේ.

එමෙන්ම ආනයනකරුවකු විසින් සුදු සීනි කිලෝවක් රුපියල් 92ට වඩා වැඩි මිලකට වෙළෙදාම් කිරීම හෝ වෙළෙදාම් කිරීමට ඉදිරිපත් කිරීමට නොකළ යුතු බවද එහි සඳහන් වේ.
මෙම නියෝග පසුගිය 12 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වේ.

ගැසට් පත්‍රයෙහි සඳහන් උපරිම මිල ගණන් ඉක්මවා සුදු සීනි ආනයනය කරන, විකුණන, විකිණීමට ඉදිරිපත් කරන විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම සිදු කරන වෙළෙඳුන්, බෙදාහරින්නන්, සැපයුම්කරුවන් හා ආනයනකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com