www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සුපිරි යෝකරයකින් පන්සිය වෙනි කඩුල්ලත් දවාගත් මාලිංග


2018-10-13 14:15:28 -  517 යි

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවෙනි එක්දින තරගය මේ වනවිට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී පැවැත්වෙමින් තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් උපක්‍රමශීලි  පියවරක් තබමින් ප්‍රථමයෙන් පන්දු යැවීමට තෝරා ගත්තා.

මේ අනුව මෙම තරගයේ සිය හත්වන පන්දුවාරය යැවූ ලසිත් මාලිංග අන්තර්ජාතික කඩුලු 500 සීමාවට පැමිණීමට සමත් වුනා. පිට පිට කඩුලු දෙකක් ලබා ගත් මාලිංග, 42 වන පන්දුවාරයේ පස්වෙනි පන්දුව යවමින් මොයින් අලි දවාගෙන කඩුලු පන්සීය සීමාවට පැමිණියා. ලසිත් මාලිංග යැවූ වේගය කඩාල කළ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් මොයින් අලී දැවී ගියා.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 92ක් ලබා ගත් එංගලන්ත කණ්ඩායමේ නායක ඉයන් මෝගන් දවා ගැනීමටද සමත් වූයේ ලසිත් මාලිංගයි. කෙසේ වෙතත් මෙම තරගයේද ශ්‍රී ලංංකා දුර්වල පන්දු රැකීම කැපී  පෙනෙනසාධකයක් වූ අතර ශ්‍රී ලංකාව පහසු උඩ පන්දු කිහිපයක් අතහැරීම එංගලන්ත කණ්ඩායමට වාසිදායක තත්වයක් ඇති කිරීමට බලපෑවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com