www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඥාති දියණිය දූෂණය කළ 7 දරු පියෙකු වන 'මහප්පා' අවුරුදු 14 ක්‌ හිරේ! දරුවාගේ ජාන පරීක්‍ෂාවේදී පිය උරුමය ඔප්පුවෙලා..!!


2018-10-13 11:10:50 -  1591 යි

තම බාල සොහොයුරාගේ 14 හැවිරිදි දියණිය අවස්‌ථා දෙකකදී දූෂණය කිරීමේ අධි චෝදනා දෙකකට වරද පිළිගත් පුද්ගලයකු වසර 14 යි මාස දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමකට සහ රුපියල් 5000 ක දඩයකට යටත් කිරීමට රත්නපුර අංක 2 මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා 11 දා නියම කළේය.

විත්තිකරු කුරුවිට පදිංචි දොඩන්ගහවත්තගේ සුමතිපාල අයිවන් නොහොත් කිරිනේරිස්‌ නමැති 7 දරු පියෙකි.

2008.08.31 වැනි දින කුරුවිටදී වයස 16 ට අඩු දැරියක්‌ දූෂණය කළේය, යනුවෙන් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා රත්නපුර මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබිණි. විත්තිකරු දැරිය දූෂණය කිරීම නිසා ඇය ගැබිනියක්‌ වී දරුවකු ප්‍රසූත කළ බවට පැමිණිල්ලෙන් කියෑවිණි. විත්තිකරුට අධි චෝදනා පත්‍රය භාරදී නඩුව ආරම්භ කළ අවස්‌ථාවේ ඔහු චෝදනාවලට නිවැරදිකරු බව ප්‍රකාශ කළ අතර දරුවා තමාගේ නොවන බව ද පැවසුවේය.

අනතුරුව ජාන පරීක්‍ෂණයට විත්තිකරු කැමැත්ත ප්‍රකාශ කළ අතර දරුවාගේ පියා විත්තිකරු බවට ජාන පරීක්‍ෂාවේදී හෙළිවිය. පසුව පැවති නඩු විභාගයේදී ස්‌ත්‍රී දූෂණ චෝදනා 2 ටම තමා වරදකරු බව විත්තිකරු අධිකරණයට පැවසුවේය. ඒ අනුව විනිසුරු චෝදනා සියල්ලටම විත්තිකරු වරදකරු බවට තීන්දු කර දඬුවම් නියම කළේය.

1 සහ 2 වැනි චෝදනාවලට බරපතළ වැඩ සහිතව වසර 7 බැගින් වසර 14 ක සිර දඬුවමක්‌ නියම කළ විනිසුරුවරයා එක්‌ චෝදනාවකට රුපියල් 2500 බැගින් රු. 5000 ක දඩ නියම කළේය. විත්තිකරු දඩ මුදල නොගෙවන බව පැවසීම මත ලිහිල් වැඩ සහිත තවත් මාස 2 ක සිර දඬුවමකට ඔහු යටත් කිරීමට නියම කරන ලදී. විත්තිකරුට පැන වූ වසර 14 ක සිර දඬුවම වසර 7 කින් ගෙවී යන බව විනිසුරු සඳහන් කළේය. රජයේ අධිනීතිඥ පංචාලි විතාරණ මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com