master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මා රවටා හෝටල් කාමරයකට අරන් ගියා..සිප ගන්න උත්සහ කළා - ගුවන් සේවිකාවක ඇතුළු ඉන්දිීය කාන්තාවන් දෙදෙනෙකුගෙන් අර්ජුනට හා මාලිංගට එරෙහිව බරපතළ ලිංගික අතවර චෝදනාවක්!


2018-10-12 10:32:23 -  742 යි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක් තමන්ට අතවර කිරීමට උත්සහ කළ බවට  ඉන්දීය කාන්තාවන් චෝදනා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙම චෝදනාව කර ඇත්තේ හිටපු ඉන්දීය ගුවන් සේවිකාවක හා නම හෙළි කිරීමට අකමැති කාන්තාවක විසිනුයි.

මින් පළමු චෝදනාව එල්ලවී ඇත්තේ හිටපු නායකයෙකු මෙන්ම වත්මන් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන අර්ජුන රණතුංග මහාතට එරෙහිවයි.

අර්ජුන රණතුංග මහාතා තමාට ලිංගික අඩත්තේටම් කිරීමට උත්සහ කළ බවට ෆේස්බුක් සටහනක් දමා ඇති අදාළ ගුවන් සේවිකාව මීට වසර ගණනාවකට පෙර ඉන්දියාවේ පැවති තරඟාවලියක් අතරතුර ශ්‍රීලංකා කණ්ඩායම නවාතැන් ගෙන සිටි හෝටලයේ පිහිනුම් තටාකය අසළදී රණතුංග මහතා තමාට අතවර කිරීමට උත්සහ කළ බව සඳහන් කර තිබෙනවා.

මේ අතර තම නම හෙළිකරිමට අකමැති වූ කාන්තාවක් පවසා ඇත්තේ වසර කිහිපයකට පෙර අයිපිඑල් තරඟාවලියක් අතරතුරදී ශ්‍රීලංකා ක්‍රීඩකයෙකු තමන්ව රවටා හෝටල් කාමරයක් තුළට රැගෙන ගිය බවයි.මේ අතර අදාළ ක්‍රීඩකයා ලසිත් මාලිංග බව ඉන්දීය ගායිකාවක වන චින්මායි ශ්‍රීපදා ඇගේ ටිවටර් ගිණුම ඔස්සේ ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් බොහෝ ඉන්දියානුවන් පවසන්නේ මේ දිනවල ඉන්දියාවේ පැතිර යන ලිංගික හිංසන හෙළිදරව් කිරීමේ සමාජ ජාල රැල්ලක් හේතුවේන් ඇතැමුන් ප්‍රිසද්ධ පුද්ගලයන් සම්බන්ධ කරගෙනිමින් ව්‍යාජ පුවත් නිර්මාණය කරන බවයි.එමෙන්ම ඔවුන් එවැනි වරදක් සිදුකළා නම් වසර ගණනකට පසු එය ප්‍රකාශ නොකර ඒ මොහොතේ නීති මගින් කටයුතු නොකළේ ඇයි දැයි ඔවුන් විමසයි.






  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com