master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මිනිස්සු හිනා වුන ගාල්ලේ බස් නැවතුමේ සිටි මේ පිස්සා ලග තිබුන ලියුම දැක්ක හැමෝම ලියුමේ තිබුණු දේ දැක අන්තිමට ඇඩුවා


2018-10-11 13:32:17 -  3057 යි

මීට කලකට ඉහත ගාල්ල බස් නැවතුමේ නිතරම සිහි විකල් උන මනුස්සයෙක් දකින්න ලැබුනා. ගොඩක් අයට මෙයාව ඒ කාලේ මතකයි. මෙයා බස් නැවතුමේ හිටියට කාගෙන්වත් සිගමන් යැද්දෙවත් කාටවත් කරදරයක් කලෙත් නෑ. හැබැයි ඉද හිටලා තරුණ කොලු ගැටව් නම් මෙයාව විහිලුවකට ගත්තා. ඒ වගේම සමහර නොහික්මුන මිනිස්සු සමහර වෙලාවට මෙයාව කෝප ගන්වන්න කෑම වලින් ගැහුවා, උසුලු විසුලු කලා. ඒත් මෙයා මේ දේවල් ගනන් ගත්තේ නෑ. කිසිම කලබලයක් නැතිව බලාගත්තු අත බලන් ඉන්න එක තමයි මෙයා ගොඩක් වෙලාවට කලේ. සමහරු මේ උමතු පුද්ගලයාට කරන අඩත්තේට්ටම් පිලිබදව ඇතැමුන් විරුද්ධ උනත් ගොඩක් අය කලේ ඒවා දිහා බලලා හිනාවෙන එක. හරි හමන් කෑමක් බීමක්වත් නොලැබුන මේ පුද්ගලයට බස් නැවතුමේ තිබුන කඩ පේලිවලින් ඉද හිට සුළු කෑමක් ලැබුනා.

මේ පුද්ගලයා අතේ හැමවෙලේම මල්ලක් තිබුනා. ඒ මල්ලෙන් නිතරම එලියට ගන්න ලියුම් කඩදාසි වගයක් ඔහු දිනපතා කියවන්නට උනා. මේ ලියුම් කියවන අවස්ථාවල ඔහුගේ මුනේ හිනාවක් පිරී තිබෙනු ඔහු දෙස ඕනෑකමින් බලන ඕනෙම කෙනෙකුට පැහැදිලිවම පෙනෙන්නට තිබුනා. ඔහු ලියුම් කියවන අවස්ථාවක කිසිවකු හෝ ඔහු ලගට පැමිනියහොත් ඔහු වහාම එම ලියුම් සගවගන්නට උත්සහා කලා. දවසක් මොහු ලගට මම යනවිට මොහු කලබලයෙන් ඔහුගේ දෑතේ තිබුන ලියුම් සගවගත්තු නිසාම මට මොහු ගැන විශේෂ මතකයක් තිබුනා. ඒ වගේම මොහුගේ උමතුබාවය පිටුපස කුමක් හෝ කතාවක් ඇති බව මට හිතුනා. දවසක් මම මිතුරෙක් එනතුරු බස් නැවතුමේ රැදි ඉන්නවිට මේ උමතු පුද්ගලයා පිටුපසින් පිරිසක් විහිළු කරමින් යනවා දක්නට ලැබුනා. ඒ අවස්ථාවේ බස්නැවතුමේ ඇපල් කඩයක් කල මැදි වියේ පුද්ගලයෙකු එය දෙස බලා අපටත් ඇසෙන ලෙස මෙසේ පැවසුවා. කොහොම ඉන්න තිබුන කොල්ලෙක්ද ඔය. ඔහොම හිටියට තවම අවුරුදු 30 ක් ඇති. අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. මොහුගේ ජීවිතය තුල විශාල ලොකු රහසක් ඇති බව අපට වැටහුනා.

තවත් කලක් ගත උන පසු මට මේ මිනිසා පිලිබදව මතක ඈත් උනා. නමුත් ගමෙන් කලක් ඈත්ව සිට නැවත පැමිනි පසු දිනක බස් නැවතුම්පොලේ කිසිදු තැනක කලින් සිටි උමතු පුද්ගලයා නොමැති බව මට තේරුනා. මේ මිනිසා ගැන දැන් හෝ දැනගන්නට හිතපු මම බස්නැවතුමේ ඇපල් කඩයක් කල පුද්ගලයා සෙයා ගොස් නිකම් විස්තර කතා බහ කර පසුව මේ උමතු පුද්ගලයා පිලිබදව නිකමට විස්තර අසා බැලුවා. මහත්තයට මතකද මිනිහව. අනේ ඒ මනුස්සය දැන් ටික කාලෙකට කලින් කෝච්චියට යට වෙලා නැති උනා. මාත් ගියා මිනිය බලන්න. එයා හැම තැනම ගෙනියපු මල්ල එතනම වැටිලා තිබුනා එයා හැමදාම කියවපු ලියුම් සී සී කඩ විසිරිලා. ඇත්ත කතාව නොදැන මිනිස්සු මෙයාට හිනා උනා. මෙයාගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. මෙයත් හොදට ඉගෙනගත්තා. මෙයා යාළුවෙලා හිටියේ මේ පැත්තෙම ගෑණු ළමයෙක් එක්ක. දෙන්නා හැම දාම හම්බ වෙලා කතා කරලා තියෙන්නේ මෙයා ඉස්සර හිටපු ගාල්ල බස් නැවතුමේ ඒ තැනමයි.

මේ දෙන්නගේ සම්බන්ධෙට ගෙවල්වලින්වත් විරුද්ධ වෙලා නෑ. ඒත් මාරයා විරුද්ධ උනා. දවසක් මේ ගෑණු ළමයා මෙයාව හම්බ වෙලා පාර පනිද්දි බස් එකකට අහු උනා. ඒ ළමයා මේ පිරිමි ළමයගේ ඉස්සරහම නැති උනා පාරෙම. මේ කොල්ලා ගෑණු ළමයගේ මල ගෙදර වැඩත් හැමදෙම කලා. පස්සේ තමයි ටික ටික මෙයාගේ සිහිය විකල් වෙලා තියෙන්නේ. අංගොඩ නැවැත්තුවත් හොද වෙලා නෑ. ගෙදර ගෙනාවත් ගෙදරින් පැනලා ඇවිත් එයාගේ ගෑණු ළමයා හම්බ උන තැනට වෙලා පරණ ලියුම් බලනවා. මිනිස්සු හිනා උනේ එහෙම කෙනෙක්ට. මෙයා මැරෙද්දි එයාගේ අතේ තිබුනේ ගෑනු ළමයා එයාගේ අත්අකුරින්ම ලියපු ලියුමක්. එක අතකින් මේ වගේ මිනිස්සු අතරින් මිදිලා ඒ මනුස්සයා එයා හිතපු තැනට යන්න ඇති

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com