www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සීදුව වෙඩිතැබීම: ගෝලයා මැරුවාට හිරේ ඉඳන් පලිය අරන්


2018-10-11 11:43:28 -  621 යි

සීදුව, රද්දොලූගම නිවාස සංකීර්ණය අසල පසුගිය ඉරිදා සිදුවූ වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

වෙඩි පහර කෑ පුද්ගලයා ඝාතනයට කොන්ත‍්‍රාත්තුව දී ඇත්තේ මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටින ලකී නමැත්තෙකි.

ඔහු සිරගතව සිටිමින් මත්කුඩු ජාවාරම් මෙහෙයවන බවට ද විමර්ශකයන්ට තොරතුරු ලැබී තිබේ.

කලකට පෙර ලකී නමැත්තාගේ ගෝලයකු ඝාතනය කිරීම නිසා එ් පිළිබඳ වෛරයෙන් පසුවූ ඔහු පුද්ගලයන් දෙදෙනකුට සීදුවේ පදිංචි පුද්ගලයකු ඝාතනය කිරීමට කොන්ත‍්‍රාත්තුව දී ඇත.

ලකීගේ ගෝලයා ඝාතනය කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගතව සිටි මෙම පුද්ගලයා ඇප ලබා නිදහස් වූයේ මාස 3කට පෙර ය.

කොන්ත‍්‍රාත්තුව බාරගත් එක් අයකු වන්නේ සීදුව පදිංචි යුද හමුදා කමාන්ඩෝ බළකා හිටපු කෝප‍්‍රල්වරයකු වන රොෂාන් දීපාල් නොහොත් පැටී මල්ලී නමැත්තායි.

ඔහු සීදුව පදිංචි එච්.එම්. රුවන්සිරි නමැත්තා සමඟ යතුරුපැදියකින් පසුගිය ඉරිදා රද්ෙදාලූගම දී ඉහත පුද්ගලයාට වෙඩි තබා තිබේ.

පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන එ්කකයේ නිලධාරීන් විසින් කළ විමර්ශනයේදී වෙඩි තැබීමට යොදාගත් 0.38 වර්ගයේ පිස්තෝලයක් හා යතුරුපැදිය අත්අඩංගුවට ගෙන ඇත.

වෙඩි පහර කෑ පුද්ගලයා මේ වනවිට දැඩි සත්කාර එ්කකයේ අසාධ්‍ය තත්ත්වයෙන් ප‍්‍රතිකාර ලබමින් සිටියි.

ගයාන් කුමාර වීරසිංහ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com