www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

එල්.එම්.ජී. ගිනි අවි දෙක ගැන කොටුව මහෙස්ත්‍රාත්වරිය රස පරීක්ෂක වාර්තාවක් ඉල්ලයි


2018-10-08 08:10:20 -  484 යි

අමිල අබේරත්න

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ තිබී බැහැරට ගෙන යනු ලැබූ එල්.එම්.ජී. ගිනි අවි දෙක රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා විශ්ලේෂණ වාර්තාවක් කැඳවන ලෙසට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය .

එම ගිනි අවි දෙක කවර හෝ ආකාරයකින් ක්‍රියාත්මක කර ඇත්දැයි විද්‍යාත්මක ලෙස සාක්කියක් ලබා ගැනීම සඳහා එලෙස රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

අදාළ ගිනි අවි දෙක මෙම වසරේ සැප්තැම්බර් 4 සහ 6 යන දිනයන් දෙක තුළ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යන අයගේ උපදෙස් පරිදි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ලවා බැහැරට ගෙන ගොස් ඇති බවද එලෙස ලබාගත් ගිනි අවි 2 පොලිස් මධ්‍යම අවි ගබඩාවට නැවත භාර දීමේදී අදාළ ගිනි අවි කවර කටයුත්තක් සඳහා භාවිත කළේද යන්න පිළිබඳව අදාළ ගිනි අවි භාරව කටයුතු කළ මධ්‍යම අවි ගබඩාවේ ගිනි අවි භාර උපසේවා නිලධාරියා ඉදිරියේ සටහනක් තැබිය යුතු බව නීතිපතිවරයා නියෝජනය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය. එම ගිනි අවි පොලිස් මධ්‍යම අවි ගබඩාවට භාර දීමේදී එලෙස කිසිදු සටහනක් තබා නැති බවද ඔවුහු ප්‍රකාශ කර සිටියහ.

ඒ අනුව එම ගිනි අවි දෙක කවර හෝ ආකාරයකින් ක්‍රියාත්මක කර ඇත්දැයි විද්‍යාත්මක ලෙස සාක්කියක් ලබාගැනීම සඳහා අදාළ ගිනි අවි රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඒ සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.
ඒ අනුව ඔවුන් අදාළ ඉල්ලීම සිදුකෙරිණි.

කොටුව මහෙස්ත්‍රාත්වරිය එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව එලෙස ඉහත නියෝග නිකුත් කළාය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com