www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මැර කල්ලිවල බලය බෙදාගන්න ලෙයට ලෙයින් පළිගන්න දකුණු පාතාලයේ බෙලි කපන සෙල්ලම


2018-10-08 07:39:24 -  771 යි

කොස්ගොඩ සුජී (ගජමුණි සුජීව ද සොයිසා) සහ කොස්ගොඩ තාරක (ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර, 26) එක් කාල වකවානුවකදී ළබැඳියන්ය. ඔවුන් දෙදෙනා කොලු කුරුට්ටන් අවධියේදී හොඳ සමාජ කටයුතුවල තරුණයන්ය. කොස්ගොඩ නඳුන් ධර්මකීර්ති (දැනට ඉතාලියේ සිටින අතර මේ වනවිට මාකඳුරේ මධූෂ් සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන යනවා යැයි ආරක්ෂක අංශ සැක පළ කරයි.) සමඟ කොස්ගොඩ මහජන බැංකුව කොල්ලකමින් රිමාන්ඩ් බන්ධනාගාරගත වන සුජී සහ තාරක පාතාලයට අත්පොත් තබන්නේ බන්ධනාගාර කොක්ක ගැසීමේක්‍රියාවලිය යටතේය. කොක්ක ගැසීමේ ක්‍රියාවලියෙන් පසු කොස්ගොඩ සුජී සැක කරනු ලබන්නේ බැංකු කොල්ලයේ මුදල් කොස්ගොඩ තාරක සහ නඳුන් විසින් යටිමඩි ගසා ගත්තා යැයි කියාය.

ඒ සැකය මත ක්‍රියාත්මක වන කොස්ගොඩ සුජී වෙනම පාතාල සාමාජිකයන් කණ්ඩායමක් සංවිධානය කරගන්නා අතර එහි ප්‍රධානියා වන්නේ රත්ගම ප්‍රාදේශීය සභා සභාපති මනෝජ් පුෂ්පකුමාර මහතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන තෙල්වත්තේ පොඩි ලැසීය. පොඩි ලැසී පෙරටු කරගනිමින් කොස්ගොඩ සුජීගේ පාර්ශ්වය දකුණේ පාතාල කිරුළ සඳහා මාකඳුරේ මධුෂ් (සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත, 32) සමඟ සීතල යුද්ධයක් ආරම්භ කරන කාලයේ හුදෙකලා චරිතයක් බවට පත්වන කොස්ගොඩ තාරක තම ආරක්ෂාව පතා කොළඹට පැමිණියායින් පසු සිදුවන්නේ තාරක, හබරකඩ වසන්ත (නිලේකා මංකොල්ලය නිසා රිමාන්ඩ් බන්ධනාගාරව සිටින) හරහා කොළඹට තදාසන්න පාතාල සාමාජිකයන් දැන හඳුනාගෙන දක්ෂ වෙඩික්කරුවෙක් ලෙස එම පාතාල කණ්ඩායම්වලට තම සේවය ලබා දීමය. රණාලේ සමයං (අරුණ උදයශාන්ත) අංගොඩ ලොක්කාගේ කණ්ඩායම විසින් ඝාතනය කරනු ලබන විට ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකසා දීම සිදුකළ මාකඳුරේ මධුෂ් පසුකාලීනව තම පාතාල කණ්ඩායමට කොස්ගොඩ තාරක සම්බන්ධ කරගනු ලබන්නේ තමන්ගේ දකුණේ ප්‍රතිවාදියා වන කොස්ගොඩ සුජී විනාශ කර දැමීමට කොස්ගොඩ තාරකව යොදවා ගැනීමට සහ කොළඹ අවට පාතාලය තුළ තම අණසක ක්‍රියාවට නැංවීමට තාරක පහසු චරිතයක් බව දැන හැඳිනගත්තාට පසුවය.

සමයං සහ අංගොඩ ලොක්කා අතර බස්නාහිර පළාතේද මනෝජ් මෙන්ඩිස් සහ පොඩි ලැසී අතර දකුණු පළාතේද ඇති වූ පාතාල එදිරිවාදිකම් නිසා පසුගිය 2016 වර්ෂයේ අග කාර්තුවේ සිට මේ දක්වා පුද්ගල ඝාතන 11කට ආසන්නව සිදුවී ඇති අතර ඒ ඝාතන සියල්ල එකිනෙකට අෑඳුණු ඒවාය. එහි අවසන් සහ උණුසුම් අවස්ථාව බස්නාහිරදී සටහන් වූයේ මාකඳුරේ මධුෂ්ගේ හෙරොයින් බස්නාහිර පළාත තුළ බෙදා හැරීමේ නිරතව සිටි මොහොමඩ් රිස්වාන් ඝාතනයයි. මොහොමඩ් රිස්වාන් ඝාතනයේ සැකකරු ලෙස මධුෂ්ගේ පාර්ශ්වය හඳුනාගනු ලබන්නේ කොස් මල්ලීය (ශාන්ත කුමාර, 38). කොස් මල්ලී අඟුණකොළපැලැස්සේදී ඝාතනය වන අතර එම ඝාතනයයේ දුරදිග ඇදීමක් ලෙස අතුරුගිරිය, ගල්වාරුව පාරේදී පොඩි සුදූ (කලහේ නිමල්සිරි) ඝාතනය වේ.

මෙම ඝාතන සඳහා ප්‍රතිඋත්තර සැපයීම තවදුරටත් තීව්‍ර කරමින් මාකඳුරේ මධුෂ්, කොස්ගොඩ තාරකට සහ හබරකඩ වසන්තට උපදෙස් ලබාදී ඇත්තේ තෙල්වත්තේ පොඩි ලැසී ගාල්ල බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන යන අවස්ථාවකදී රනාලේ සමයං ඇතුළු හත් දෙනෙක් ඝාතනය කළ ආකාරයේ ප්‍රහාරයක් බන්ධනාගාර බස් රථය මුල් කරගෙන දියත් කළ යුතු බවයි. එවැනි ප්‍රහාරයක් සඳහා අවශ්‍ය වෙඩික්කරුවන් සපයා ගැනීමේදී ඇති වූ ගැටලුවකදී කොස්ගොඩ තාරක ඒ සඳහා වේයන්ගොඩ, මාලිගාතැන්නේ චාමර (චාමර ඉන්ද්‍රජිත්, 29) හඳුන්වා දී ඇති අතර එම ප්‍රහාරය එල්ල කිරීම බන්ධනාගාර නිලධාරීන්ගේ උපක්‍රමශීලීලිත්වය මත නොහැකි වීමෙන් පසු කොස්ගොඩ තාරක, හබරකඩ වසන්ත, මාලිගාතැන්නේ චාමර අසාර්ථක වූ මාතර නිලේකා ස්වර්ණාභරණ කොල්ලයට ක්ෂණික තීරණයක් මත යොමු වී තිබේ.

එම සිදුවීමෙන් පසු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රිමාන්ඩ් රැඳවියෙක් ලෙස රැගෙන යනු ලබන කොස්ගොඩ තාරක සහ ඔහුගේ සොහොයුරා (මදුක නිර්මාල් පෙරේරා වීරසේකර, 22) සඳහා පිළිගැනීමේ උත්සවයක් බන්ධනාගාරයේ ඇතුළත සංවිධානය කරනු ලබන්නේ මාකඳුරේ මධුෂ් යැයි කියැවේ. කොස්ගොඩ සුජීගේ පාතාල කණ්ඩායමට සාමාජිකයන් සීමිත වීම නිසා එම කණ්ඩායම අකර්මණ්‍ය වීම තුළ සහ මාකඳුරේ මධුෂ්ගේ පියාගේ අවමංගල්‍යය නිසා මාස කීපයක් තුළ වෙඩි උණ්ඩ පත්තු නොවීම සහ ඝාතනය කර ඉන් මත්තට බෙල්ලද කපා වෙන්කිරීමේ ඝාතන ක්‍රියාවලිය (පාතාල ආරංචි මාර්ගවලට අනුව ඝාතනය කර ඉන් මත්තට බෙල්ල කපාගෙන යෑම) ආරම්භ වී ඇත්තේ බොස් සරත් එසේත් නොමැති නම් වැලි සරත් (කොම්මයාහකුරු සරත් කුමාර, 42) ගෙනි.

දෙවැනි වර ඝාතන රැල්ල ආරම්භ වූයේ පසුගිය 30 වැනිදාය. එම සිදුවීම සවිස්තර කිරීමට ප්‍රථමව අවධාරණය කළයුතු කරුණ වන්නේ සාමාන්‍ය සිදුවීමක් මුල්කරගෙන අධිකරණයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන රැඳවියන්ට පාතාල කොක්ක නිසා එක් පාතාල කණ්ඩායමක සාමාජිකයකු වී ඉන් පසුව කුඩු ජාවාරම්කරුවකු වීමට ඇති වැඩි ඉඩකඩ බන්ධනාගාරය තුළින් දුරස් කළ යුතු බවය. උෟරගස්මංහන්දිය, රන්තොටුවිල ප්‍රදේශයේදී පසුගිය ඉරිදා (30දා) රාත්‍රි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා කපා කොටා ඝාතනය කිරීමද මෙම පාතාල කොක්කක්‍රියාන්විතයේම තවත් එක් ප්‍රතිඵලයකි. මෙම ඝාතනයන් දෙක ආසන්න වශයෙන් එදින රාත්‍රි 7.30ත් 8.00ත් අතර සිදුව තිබෙන බව උෟරගස්මංහන්දිය පොලිසිය සැකපළ කරනු ලබයි.

ඝාතනයට ලක් වූයේ උෟරගස්මංහන්දිය පොලිස් වසමේ ඉහළ මාලවල, රන්තොටුවිල පදිංචිව සිටි කුමාරගේ චමිල දීපාල් රණසිංහ (37) සහ එම ලිපිනයේම පදිංචි තුෂයා හේවගේ සමන් සුරේෂ් (30) යන දෙදෙනාය. ඔවුනොවුන් ඥාති සොහොයුරන්ය. චමිල දීපාල් රණසිංහ අවිවාහකයකු වන අතර ඝාතනය සිදුවන විට ඔහුගේ මව, පියා සහ නැඟණිය අසල්වාසී නිවෙසකට ගොස් තිබූ අතර අසල්වැසි නිවෙසක වෙසෙන සමන් සුරේෂ් චමිලගේ නිවෙසට පැමිණ ඉදිරිපස කුරුඳු වාඩියේ කතාබස් කරමින් සිට ඇත. රන්තොටුවිල මාලවිල පදිංචි ටී.එච්. සෝමදාසට සහ ටී.එච්. ශ්‍රියාලතාට උපන් සමන් සුරේෂ් මීට වසරකට පමණ පෙරාතුව විවාහ වූ අයකු වන අතර ඔහු වෘත්තියෙන් වඩු කාර්මිකයෙකි. ඝාතනය සිදුකර ඇත්තේ මාලවල, රන්තොටුවිල චමිල දීපාල්ගේ නිවෙස ඉදිරිපිට ඇති කුරුඳු වාඩියේදීය. ඒ වනවිට සමන් සුරේෂ්ද චමිල සමඟ කතාබහක නිරත වෙමින් සිට තිබේ.

ඝාතනය සඳහා දෙදෙනෙක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් පැමිණෙන්නට ඇතැයි පොලිසිය සැක පළ කරන්නේ ඝාතනයට ලක්වූ පුද්ගලයන් දෙදෙනාගේ සිරුරේ වෙඩි පහර 35කට වැඩි ප්‍රමාණයක් තිබෙන නිසාය. සෑම දිශාවකටම පාහේ වෙඩි තබා තිබෙන බව පෙනී යන්නේ සිද්ධිය වූ ස්ථානයේ තිබී හිස් පතරොම් කොපු 26ක් පොලිසිය විසින් සොයා ගැනීමෙනි. එම හිස් පතරොම් කොපු 26ම පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් භාවිත කරන ගිනි අවිවලට යොදන ඒවාය. හිස් පතරොම් විසිරී ඇති ආකාරය අනුව ඝාතනය සඳහා අවම වශයෙන් එම වර්ගයේ ගිනි අවි 2ක්වත් භාවිත කරන්නට ඇතැයිද පොලිසිය අනුමාන කරයි. වෙඩි වැදී චමිල හා සුරේෂ් බිම වැටුණු පසු කඩු මන්නා හා පිහි පහරවලින් සිරුරු දෙක කපා කොටා දමන්නටද ඝාතකයෝ ක්‍රියා කර තිබේ.

ඝාතනය කරන ලද සමන් සුරේෂ්ගේ හිස කඳින් වෙන්කර රැගෙන ගොස් ඉහළ මාලවල, රන්තොටුවිල සමුපකාරය අසල දමා ගොස් තිබේ. මෙය මීට පෙර සිදුවූ ඝාතනයකට එකට එක කිරීමක් ලෙසද පැවැසේ. ඝාතකයන් චමිල දීපාල්ගේ හිසද කඳින් වෙන් කිරීමට උත්සාහ දරා ඇති අතර හිස වෙන්වන්නට ආසන්නව තිබියදී එම අදහස අතහැර දැමූ ඝාතකයෝ පලාගොස් තිබේ. චමිල් දීපාල්ගේ හිසද කඳින් වෙන් වන්නට ඉතිරිව තිබී ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි.

මෙම ඝාතනයන් වසර ගණනාවක් පුරා දෙපාර්ශ්වයක් අතර ඇති වී තිබෙන කෝන්තරයක් මුල් කරගත්තකි. මෙම දෙපාර්ශ්වය වර්තමානයේ නියෝජනය කරන්නේ කොස්ගොඩ සුජීගේ සහ මාකඳුරේ මධුෂ්ගේ කණ්ඩායම්ය. මෙම කෝන්තරය නිසා මෙම ඝාතනයන් දෙකත් ඇතුළුව මේ වනවිට ඝාතනයන් පහක් සිදුව තිබේ.
අප අතීතයේ සිදුවුණු ඝාතන රැල්ල පිළිබඳ අවබෝධයක් ලබා ගනිමු.

කුඩා උෟරගහ, උෟරගහ ලිපිනයේ පදිංචි ඉන්දික මහේෂ් රණවීර (32) සහ මාලවල, රන්තොටුවිල පදිංචි තුෂයා හේවගේ සමන් සුරේෂ් (30) උෟරගස්මංහන්දිය පොලිස් වසමේ කිලෝමීටර් 5,6ක දුරින් යුත් ආසන්න පදිංචිකරුවන්ය. 2015 වර්ෂයට පෙර මොවුන් දෙදෙනා අතර ඇන කොටා ගැනීමක සේයාවක්වත් තිබී නැත. 2015 සිංහල අවුරුද්දෙන් පසු එළැඹෙන 16 වැනිදා දෙදෙනා එකිනෙකාට මුණගැසෙන්නේ උෟරගස්මංහන්දිය, නූබුඩුමුල්ලේ පැවැති සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නැරඹීමට ගොස් සිටියදීය. එහිදී සමන් සුරේෂ් විසින් දල්වන ලද රතිඤ්ඤයක් දෙපා මුල වැටී පිපිරී යන්නේ දුරදිග ඇදෙන ඝාතන රැල්ලකට මුල පුරමින්ය. එහිදී ඇති වූ කතාබහ බහින්බස් වීමක් දක්වා දුරදිග ගොස් අවසන් වී ඇත්තේ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙනි. 2015 නොවැම්බර් 03දා ඉන්දික මහේෂ්ගේ කුඩා උෟරගහ නිවෙසට යතුරුපැදියකින් පැමිණි ඔහුගේ ගෝලයන් දෙදෙනකු පවසා ඇත්තේ ඉන්දික අයියේ අරුන් අපිට ගැහුවායන්නයි. ඉන්දික සිය ගෝලයන් සමඟ පිටත්ව ගොස් ඇත්තේ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක්ද ඉණේ සඟවාගෙනය.

සිද්ධිය සිදුවූ බව කියන ප්‍රදේශයට ඉන්දික පැමිණෙන විට පහරදුන් බව කියන දෙදෙනා එහි සිට තිබේ. ඉන්දික අත වූ මිලිමීටර් 9යේ ගිනිඅවියෙන් නිකුත් වූ උණ්ඩ උෂාන් රන්දික නමැති අයගේ කකුලට වැදී ඇති අතර බිම වැටුණු උෂාන් ළඟටම පැමිණි ඉන්දික ඔහුගේ හිසට වෙඩි තබා ඔහුව ඝාතනය කර තිබේ. ඒ සමඟ සිටි සුරංග සුරේෂ්ට දුවන ලෙස ඉන්දික දැනුම් දුන්නත් සුරංග එම ස්ථානයේම හිස පාත්කරගෙන සිටින විට ඔහුටද ඉන්දික විසින් වෙඩි තබා තිබේ.

මෙම සිදුවීමෙන් උෟරගස්මංහන්දිය, ඉහළමාලවල, රන්තොටුවිල පදිංචිව සිටි කුමාරගේ උෂාන් රන්දික (26) සහ තුෂයාහේවගේ සුරංග සුරේෂ් (27) ඝාතනයට ලක්ව තිබේ. මෙයින් උෂාන් රන්දික පසුගිය ඉරිදා ඝාතනයට ලක්වූ කුමාරගේ චමිල දීපාල්ගේ ඥාති සහෝදරයකු වන අතර සුරංග සුරේෂ්, සමන් සුරේෂ්ගේ බාල සහෝදරයාය. සුරංග සුරේෂ් හා උෂාන් රන්දික ඝාතනයන් වෙනුවෙන් ලෙයින් ලෙය පළිගැනීමේ සටන ආරම්භ වන්නේ මෙතැන් සිටය. සුරංග සුරේෂ් හා උෂාන් රන්දික ඝාතනය කිරීමට ඉන්දික මහේෂ් විසින් මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් රැගෙන එන්නේ කුඩාඋෟරගහ, උෟරගහ පදිංචි බොස් සරත් නමැත්තාගේ නිවෙසේ සිට යන්න සමන් සුරේෂ්ට දැනගන්නට ලැබී තිබේ.

ඉන්දික මහේෂ් සිය ප්‍රධාන ඉලක්කය වුවත් එය සපුරා ගැනීමට අසීරු වූ අවස්ථාවේ සමන් සුරේෂ්ගේ සහ චමිල දීපාල්ගේ ඉලක්කය වන්නේ බොස් සරත්ය. ඒ අනුව සමන් ගල්මංගොඩවත්ත ප්‍රදේශයේ රැක සිට ඇත්තේ බොස් සරත් වැලි තොටුපොළෙන් හොරට පිටකරන ටිපර් රථ පිළිබඳව ඔත්තු බැලීමට එතැනට පැමිණෙන බව කල් තියා දැනගෙන සිටි නිසාය.

සුරංග සුරේෂ් හා උෂාන් රන්දික ඝාතනය කර හරියටම මසක් ඉක්ම යද්දී 2015 දෙසැම්බර් 04 දින බොස් සරත් ඝාතනය කරන්නේ ලෙයට ලෙය පළිගැනීමටය. වෙඩි තබා ඝාතනය කරන බොස් සරත්ගේ සිරුර කපා කොටා හානි කර හිස කඳින් වෙන් කර රැගෙන ගොස් ඉහළමාලවිල, රන්තොටුවිල සමුපා කාරය අසල තබාගොස් තිබේ. පසුගිය 30දා ඝාතනය කරන ලද සමන් සුරේෂ්ගේ හිස කඳින් වෙන් කර රැගෙන ගොස් ඉහළමාලවිල, රන්තොටුවිල සමුපකාරය අසල තබා යන්නේද එකට එක කිරීමක් ලෙසිනි. එලෙස ඝාතනය සිදුකර සමන් සැඟව සිට ඇත්තේ තේ වත්තක් මැද විසල් නිවෙසකය.

සුරංග සුරේෂ් හා උෂාන් රන්දික ඝාතනයට පොලිසියට භාර වන ඉන්දික මහේෂ් හා බොස් සරත් ඝාතනයට පොලිස් අත්අඩංගුවට පත්වන සමන් සුරේෂ් ඇප පිට නිදහස්ව පැමිණෙන්නේ මීට මාස කීපයකට පෙරාතුවය.

සාමාන්‍ය ගමේ චණ්ඩින් ලෙස රිමාන්ඩ් බන්ධනාගාරගත වන ඉන්දික මහේෂ් ඇප පිට නිදහස්ව පැමිණෙන්නේ පෙර සඳහන් කළ පාතාල කොක්කනිසා මාකඳුරේ මධුෂ්ගේ ගෝලයකු හා මහ පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු ලෙසය. තොග වශයෙන් හෙරොයින් රැගෙන උෟරගස්මංහන්දිය ප්‍රදේශයේ ඊසිකෑෂ් ක්‍රමයට බෙදා හරින ප්‍රධානතම ජාවාරම්කරුවා ඉන්දික මහේෂ් බව ආරක්ෂක අංශද පවසා සිටී. ඉන්දික මහේෂ් මාතර නිලේකා කොල්ලයේදී වෙඩි වැදී රෝහල් ගතව සිටියදී අත්අඩංගුවට පත් කොස්ගොඩ තාරකගේ සහ ඔහුගේ සොයුරු මධුක නිර්මාල්ගේද ප්‍රබල හිතවතෙකි. රිමාන්ඩ් බන්ධනාගාරයේදී සමන් සුරේෂ් කොස්ගොඩ සුජීගේ පාර්ශ්වය සමඟ තව තවත් හිතවත් වන්නේ පෙර පැවැති සුළු හිතවත්කම් තීව්‍ර කරගනිමිනි.

පසුගිය 30දා ඝාතනයට ලක්වූ කුමාරගේ චමිල දීපාල් රණසිංහගේ මවගේ තාත්තා (සීයා) සහ 6 කණුව හිපන්කන්ද නවඳගල පදිංචි මයිකල් (ප්‍රදීප් කුමාර ජයවර්ධන, 30) නමැති අයගේ මවගේ තාත්තා (සීයා) සහෝදරයන්ය. ඒ අනුව චමිල, ප්‍රදීප්ගේ පුංචි අම්මාගේ පුතාය. මයිකල් කොස්ගොඩ සුජීගේ විශ්වාසවන්තම ගෝලයාය. 2011 ජනවාරි 04 දින අම්බලන්ගොඩ අරලිය හෝටලය ඉදිරිපිටදී කෝටිපති ව්‍යාපාර අංක 10 ඕ, මානිමුල්ල, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි මාදුවගේ යසරත්න (53) නමැති අය ඝාතනය කරන්නේද මයිකල්ය.

එම ඝාතනය සම්බන්ධයෙන් කොස්ගොඩ සුජී, ප්‍රදීප් කුමාර ජයවර්ධන නොහොත් මයිකල්, කැපූ ඇළපාර, අම්බලන්ගොඩ පදිංචි කුවින්දාහන්දි නිලන්ත නොහොත් බොස්සා පොලිස් අත්අඩංගුවට පත්වේ. මෙම ඝාතනයන්ට අමතරව 2016.04.11 දින උෟරගස්මංහන්දිය, මීගස්පිටියේ සන්දීප නිවෙසේ පදිංචිව සිටි තිස්ස කොමසාරු නමැති අය වෙඩි තබා ඝාතනය කිරීම, අහුන්ගල්ල රේල් ගේට්ටුව අසල තරුණයෙක් සහ උෟරගස්මංහන්දිය හිපන්කන්දේදී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරීම යන චෝදනාද මොවුන්ට එල්ල වී තිබේ.

ඝාතනයට ලක්වූ චමිල දීපාල් රණසිංහටද, ඇල්පිටිය, පිටගල රන් භාණ්ඩ අලෙවි සලක් කොල්ලකෑම, ජීව අත්බෝම්බයක් ළඟ තබා ගැනීම සහ බළපිටියේදී ප්‍රීති කුමාර නමැත්තා ගමන් ගනිමින් සිටි මෝටර් රථය තුළදී ඔහුව ඝාතනය කිරීම යන චෝදනා එල්ල වී තිබේ. මියගිය චමිල දීපාල්ගේ හා සමන් සුරේෂ්ගේ අවමංගල්‍ය කටයුතු සඳහා පොලිසියේ ආරක්ෂාව මෙන්ම කොස්ගොඩ සුජීගේ පාර්ශ්වයේ සන්නද්ධ පුද්ගලයන්ගේ දැඩි ආරක්ෂාවක්ද යොදා තිබුණා යැයි පැවැසේ.

පාතාලයේ බොහෝ පිරිස් පෝෂණය වන්නේ හිරගෙවල් ඇතුළතදීය. ඒ සඳහා දූෂිත බන්ධනාගාරගත නිලධාරීන්ගෙන්ද ලැබෙන්නේ මහත් පිටිබලයකි. ඔවුන්ට අතට මුදල් ලැබේ නම් කුමන පාතාල කණ්ඩායම වුව තම බල සීමාව ඇතුළත ක්‍රියාත්මක වීම ගැටලුවක් නොවේ. නමුත් මෙම ඝාතනයන්ගේ ඉහළ නියෝජනය හැම විටම සිටින්නේ නිදැල්ලේය. ඒ අතර ඉන්දික මහේෂ් හා මයිකල් සිය පාර්ශ්වය වෙනුවෙන් ලෙයට ලෙය පළිගැනීමේ විවිධ සැලසුම් මේ වනවිටත් දියත් කර ඇතැයි සැලකේ. ඒ නිසා ඉදිරියට වඩාත් ත්‍රාසජනක වනු ඇත.

ඇල්පිටිය ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ මහතාගේ අධීක්ෂණයෙන් උෟරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හරික් හල්විට, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජිත් ජයන්ත, ඇල්පිටිය පොලිස් කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් චන්දිමාල් නිලධාරීන් ඇතුළු පොලිස් සැරයන් කොඩිතුවක්කු (58466), ධනපාල (28634) පොලිස් කණ්ඩායමක් ඉදිරි පරීක්ෂණ පවත්වනු ලබති. කතාව, පින්තූර -

ප්‍රභාත් අත්තනායක
බළපිටිය _ ක්‍රිෂාන් වැලිතොටගේ
ඇල්පිටිය _ ගයාන් ගුණසේකර

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com