master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මියගිය කොටි සාමාජිකයින්ගේ පිලිරුව ප්‍රභාකරන්ගේ ගමේ හදන්න ගිය සිවාජිලිංගම්ගේ උත්සහය වරදියි


2018-10-08 07:26:02 -  601 යි

1987 වසරේදී සයිනයිඩ් කා මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 12 දෙනෙකුගේ පිලිරු යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී සෑදීම සඳහා මුල්ගල තැබීමට උතුරු පලාත්සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුලු පිරිසක් ගත් උත්සහය නැවත්වීමට පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් ලබා දී ඇත.

යාපනය වැල්වැටිතුරෙයි තීරුවිල් ක්‍රීඩාංගනයේදී මිය ගිය කොටි සාමාජිකයින් 12 දෙනාගේ පිලිරු සෑදීම සඳහා පලාත්සභා මන්ත්‍රී සිවාජිලිංගම් ඇතුලු වැල්වැටිතුරෙයි නගරසභාවේ නියෝජිතයින් පිරිසකගේද සහභාගීත්වයෙන් මුල් ගල තැබීම සිදු කරන ලද අවස්ථාවේදී වැල්වැටිතුරෙයි පොලීසිය විසින් ලබාගෙන තිබූ අධිකරණ තහනම් නියෝගය හේතුවෙන් මුල්ගල තැබීමට නොහැකි වී ඇත.

පසුගිය 1987 වසරේදී කොටි සාමාජිකයින් 12 දෙනෙකු විසින් ආයුධ නැවක් යාපනයට ගෙන එන අතරතුරදී එම ආයුධ නැව ඉන්දීය සාමසාධක හමුදාවට හසුවන අවස්ථාවේදී එහිසිටි කොටි සාමාජිකයින් 12 දෙනාම සයිනයිඩ් කා මිය යන අතර පසුව එම 12 දෙනා සිහිවීමට කොටි නායකයා වූ ප්‍රභාකරන්ගේ උපන්ගම වූ යාපනය වැල්වැටිතුරෙයි තීරුවිල් ක්‍රීඩාංගනයේදී පිලිරු 12ක් ඉදිකොට ඇත පසුව 1996 වසරේදි ආරක්ෂක අංශ විසින් අදාල පිලිරු12 ම ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.

අනතරුව සිවාජිලිංගම් ඇතුලු වැල්වැටිතුරෙයි නගරසභාවේ සිටින දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් 05 වනදා තීරුවිල් ක්‍රීඩාංගනයේ අදාල පිලිරු නැවත සෑදීමට මුල්ගල තැබීමට සූදානම් වන්නේ වැල්වැටිතුරෙයි නගරසභාවේ සිටි ස්වාධීන මන්ත්‍රීවරුන්ටද නොදන්වායග මුල්ගල තබන අවස්ථාවේදී අදාල මන්ත්‍රීවරුන්ට දැනුම් දීමේදී එම මන්තත්‍රීවරුන් පිරිස තමන්ට මුලින් ඒ බව දැනුම් නොදීම හේතුවෙන් මුල්ගල තැබීමට විරෝධය පා ඇත.

අදාල කාරණාවද සැලකිල්ලට ගනිමින් වැල්වැටිතුරෙයි පොලීසිය විසින් පේදුරුතුඩුව අධිකරණයට කරුණු වාර්ථා කරමින් මුල්ගල තැබීමට තහනම් නියෝගයක් ලබා දෙන ලෙසට ඉල්ලා ඇත.

අනතුරුව කරුනු සැලකිල්ලට ගනිමින් පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් නලිනි සුදාකරන් මහත්මිය විසින් අදාල මුල් ගල තැබීමට තහනම් නියොග්ය ලබා දී ඇත.

(වන්නි රොමේෂ් මධුෂංඛ)




  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com