www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ස්නයිපර් අවිය සමග අත්අඩංගුවට ගත් ඉලච්චියන් මාස්ටර් අතුරුදන් !


2018-10-07 09:53:17 -  807 යි

ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) විසින් අත්අඩංගුවට ගත් පුණ්‍ය මූර්ති කිරුබාකරන් නොහොත් ඉලච්චියන් මාස්ටර් නැමැත්තා අතුරුදහන්ව ඇතිබවට ඔහුගේ බිරිඳ විසින් ත්‍රීකුණාමලයේ මානව හිමිකම් කොමිසමේ කාර්යාලයට පැමිණිල්ලක් ගොනුකර ඇත.

ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පසුගියදා මුත්තූර් සාම්පූර්හි පිහිටි ඉලච්චියන් මාස්ටර්ගේ නිවසින් ස්නයිපර් ගිනි අවියක් සොයාගෙන ඇති අතර එහිදී මොහුවද අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේවුවද පොලිසිය පවසන්නේ ස්නයිපර් අවියක් සොයාගත් නමුත් නිවසට පැමිණෙන විට සැකකරු පැනගොස් සිටි බවයි.

මෙසේ මෙම ස්නයිපර් අවිය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඈත්තේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ජයසුන්දර, උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ, උප පොලිස් පරීක්ෂක රාජිත හා නන්දසේන නමැති පොලිස් සාජන් වරයෙකි.

පසුබිම් කතාව :

මේ වසර (2018) ජුනි 21දා ඔට්ඩුසුඩාන් (Oddusuddan) පොලිසිය විසින් කල සෝදිසි මෙහෙයුමකදී ත්‍රීවිල් රථයක් පරික්ෂා කිරීමේදී බෝම්බ කිහිපයක් සමග රාමයියා විවේකානන්ද නමැති අයකු හා තවත් තරුණයකු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී එක් අයකු පැනගොස් තිබේ. පසුව එම පැනගිය පුද්ගලයා අතකොටා නමැති අන්වර්ථ නාමයෙන් හැඳිවෙන වේල්ලසාමි වේදම්බරම් නමැති අයකු බවට හඳුනාගෙන ඇත.

පසුව අත්අඩංගුවට පත් දෙදෙනා ත්‍රස්ත විමර්ශන ඒකකය බාරයට ගෙන ඇත.

අනතුරුව මාන්කුලම් පොලිසිය විසින් අතකොටා නමැත්තා අත්අඩංගුවට ගෙන ඇති අතර ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ නිලධාරීන් පැය කිහිපයකදී ඔහුව ද තම බාරයට ගෙන තිබේ.

ත්‍රස්ත විමර්ශන නිලධාරීන් විසින් රාමයියා විවේකානන්ද ගෙන් ප්‍රශ්න කිරීමේදී ස්නයිපර් අවියක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති අතර ඒ අනුව මුත්තූර් සාම්පූර්හි ඉලච්චියන් මාස්ටර් නැමැත්තාගේ නිවස වටලා සිදුකල මෙහෙයුමකදී ස්නයිපර් අවියක් සොයාගෙන ඇත.




  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com