master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මගේ කාමරේ තිබුණු පොත්, ඇඳුම් සපත්තු ඔක්කොම ගිනි අරන්


2018-10-05 08:00:47 -  426 යි

තම නිවෙසේ හටගත් හදිසි ගින්නක් හේතුවෙන් පාසල් දිවියට අවශ්‍ය සියලු උපකරණ ගින්නෙන් විනාශ වීම නිසා ලෝක ළමා දිනය සිහිනයක් වූ පාසල් සිසුවියක් පිළිබඳව හිඟුරක්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.

"අනේ මං ලෝක ළමා දිනයට ඉස්කෝලේ යන්න ගොඩක් ආසාවෙන් ඇඳුම් ටිකයි පොත් ටිකයි හරිගස්සලා කානිවල් එක බලන්න ගියේ. මම කානිවල් බලන්න යන්න බෑ කීවා. එතකොට අම්මා කිව්වා පුතේ හෙට ලෝක ළමා දිනයනේ පුතාව ඒ වෙනුවෙන් කොහෙවත් එක්ක යන්න අපිට සල්ලි නෑ. ඒ නිසා යමු පුතා කානිවල් එක බලලා ඔයා සතුටු වෙන්න කියලා අම්මා කිව්වා.

අම්මාගෙයි තාත්තාගෙයි හිත නරක් කරන්න හොඳ නැති නිසා මම කානිවල් එකට ගියා. අනේ දෙයියනේ කානිවල් එක ඇතුළට යන්න බැරි වුණා. අපේ ගේ ගිනි ගන්නවා කියලා මාමා කෙනෙක් කිව්වා. අපි ගෙදර ආවා. ඇවිත් බලනකොට මගේ කාමරේ තිබුණු පොත්, ඇඳුම් සපත්තු සහ මම ඉස්කෝලේ යන බයිසිකලය ඔක්කොම ගිනි අරන්. මට ලෝක ළමා දිනය වෙනුවෙන් අපේ මැඩම්ලා සර්ලා අරන් දෙන කිසිම දෙයක් ගන්න ලැබුණේ නෑ. මට ඉස්කෝලේ යන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ" යැයි හැඬු කඳුළෙන් පවසා සිටියේ හය වසරේ ඉගෙනුම ලබන එස්.වී. ටෂ්මි නවෝද්‍යා පාසල් දැරියයි.

හිඟුරක්ගොඩ, හිඟුරක්ගල 3 කණුව ප්‍රදේශයේ ඉකුත් 30 දින රාත්‍රියේ හදිසියේ ඇතිවූ ගින්නකින් නිවෙසේ අඩක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි.

මෙම ගින්න හේතුවෙන් පාසලේ හයවැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන එස්.වී. ටෂ්මි නවෝද්‍යා දැරියට අයත් පාසල් ඇඳුම් පොත්පත් සපත්තු සහ පාසල් යන පාපැදිය ඇතුළු නිවෙසේ එක් පැත්තක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ. මෙම නිවාස හිමියන් එදිනෙදා කුලී වැඩ කරමින් ජීවත් වන අතර විනාශ වූ නිවෙස සහ දරුවාගේ පාසල් උපකරණ ලබාගැනීමට නොහැකි බව ඔවුහු පවසති.

ඔවුන් පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන් කොපමණ දුගී වුවත් තමන්ට සමෘද්ධියවත් නොලැබෙන බවත් එදිනෙදා කුලියක් කර සාදාගත් නිවෙස තිබූ පරිදි සකසා ගැනීමටත් දරුවාගේ පාසල් උපකරණ ගැනීමටත් තමන්ට වත්කමක් නොමැති බැවින් ඒ සඳහා උදවු උපකාර කරන ලෙසයි. 076-5358525 දුරකථන අංකයට පරිත්‍යාගශීලීන්ට කතා කර විස්තර දැනගත හැකිය.

හිඟුරක්ගොඩ - ප්‍රියා

මගේ කාමරේ තිබුණු පොත්, ඇඳුම් සපත්තු ඔක්කොම ගිනි අරන් 

තම නිවෙසේ හටගත් හදිසි ගින්නක් හේතුවෙන් පාසල් දිවියට අවශ්‍ය සියලු උපකරණ ගින්නෙන් විනාශ වීම නිසා ලෝක ළමා දිනය සිහිනයක් වූ පාසල් සිසුවියක් පිළිබඳව හිඟුරක්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ. 
අනේ මං ලෝක ළමා දිනයට ඉස්කෝලේ යන්න ගොඩක් ආසාවෙන් ඇඳුම් ටිකයි පොත් ටිකයි හරිගස්සලා කානිවල් එක බලන්න ගියේ. මම කානිවල් බලන්න යන්න බෑ කීවා. එතකොට අම්මා කිව්වා පුතේ හෙට ලෝක ළමා දිනයනේ පුතාව ඒ වෙනුවෙන් කොහෙවත් එක්ක යන්න අපිට සල්ලි නෑ. ඒ නිසා යමු පුතා කානිවල් එක බලලා ඔයා සතුටු වෙන්න කියලා අම්මා කිව්වා. 
අම්මාගෙයි තාත්තාගෙයි හිත නරක් කරන්න හොඳ නැති නිසා මම කානිවල් එකට ගියා.  අනේ දෙයියනේ කානිවල් එක ඇතුළට යන්න බැරි වුණා. අපේ ගේ ගිනි ගන්නවා කියලා මාමා කෙනෙක් කිව්වා. අපි ගෙදර ආවා. ඇවිත් බලනකොට මගේ කාමරේ තිබුණු පොත්, ඇඳුම් සපත්තු සහ මම ඉස්කෝලේ යන බයිසිකලය ඔක්කොම ගිනි අරන්. මට ලෝක ළමා දිනය වෙනුවෙන් අපේ මැඩම්ලා සර්ලා අරන් දෙන කිසිම දෙයක් ගන්න ලැබුණේ නෑ. මට ඉස්කෝලේ යන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ  යැයි හැඬු කඳුළෙන් පවසා සිටියේ හය වසරේ ඉගෙනුම ලබන එස්.වී. ටෂ්මි නවෝද්‍යා පාසල් දැරියයි. 
හිඟුරක්ගොඩ, හිඟුරක්ගල 3 කණුව ප්‍රදේශයේ ඉකුත් 30 දින රාත්‍රියේ හදිසියේ ඇතිවූ ගින්නකින් නිවෙසේ අඩක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි. 
මෙම ගින්න හේතුවෙන් පාසලේ හයවැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන එස්.වී. ටෂ්මි නවෝද්‍යා දැරියට අයත් පාසල් ඇඳුම් පොත්පත් සපත්තු සහ පාසල් යන පාපැදිය ඇතුළු නිවෙසේ එක් පැත්තක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ. මෙම නිවාස හිමියන් එදිනෙදා කුලී වැඩ කරමින් ජීවත් වන අතර විනාශ වූ නිවෙස සහ දරුවාගේ පාසල් උපකරණ ලබාගැනීමට නොහැකි බව ඔවුහු පවසති.
 ඔවුන් පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන් කොපමණ දුගී වුවත් තමන්ට සමෘද්ධියවත් නොලැබෙන බවත් එදිනෙදා කුලියක් කර සාදාගත් නිවෙස තිබූ පරිදි සකසා ගැනීමටත් දරුවාගේ පාසල් උපකරණ ගැනීමටත් තමන්ට වත්කමක් නොමැති බැවින් ඒ සඳහා උදවු උපකාර කරන ලෙසයි. 076-5358525 දුරකථන අංකයට පරිත්‍යාගශීලීන්ට කතා කර විස්තර දැනගත හැකිය. 
හිඟුරක්ගොඩ - ප්‍රියා

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com