master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ලක්ෂ 1500ක් ලැබුණු, අත්හිටවූ බැංකු ගිණුම වැඩේ ගොඩින් විසඳගෙන. මොකුත් වෙලා නෑ ආණ්ඩුවෙන් ප්‍රකාශයක්?


2018-10-04 08:23:13 -  755 යි

ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමැතිවරයෙකුගේ බැංකු ගිණුමක් මහ බැංකුව විසින් අත්හිටුවීවා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ඊයේ වාර්තාවූ පුවත අසත්‍යයක් බව ප්‍රකාශ කරන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නියෝග ලැබී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

මේ අතර, අදාළ ගිණුම සම්බන්ධයෙන් උද්ගතවූ තත්වය ඉහල මට්ටමින් විසඳාගැනීමට මේ වන විට කටයුතු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

වෙබ් අඩවි අනාවරණය කරතිබූ ආකාරයට විදේශයක සිට කෝටි 15ක මුදලක් අමාත්‍ය මලික් සමරවික්‍රමගේ බැංකු ගිණුමට බැර වී තිබීම නිසා මෙම පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත්, මෙතරම් විශාල මුදලක් ලැබුණේ කුමන කාරණාවකටදැයි තහවුරු කිරීමට ඇමතිවරයා අසමත් වීම මත ගිණුම අත්හිටුවා ඇති බවටත් සඳහන්විය.

ඒ සම්බන්ධයෙන් (02දා) පැවැති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගෙන් මාධ්‍යවේදියකු යොමු කළ ප්‍රශ්නයකට මහ බැංකු අධිපතිවරයා දක්වා සිටියේ මෙවැනි ප්‍රතිචාරයක්ය.

මම හරියට දන්නේ නැහැ. නමුත් මට මෙහෙම කියන්න පුළුවන්. මූල්‍ය බුද්ධි ඒකකය සම්පූර්ණයෙන් ස්වාධීනයි. එතකොට ඒ අය පරීක්ෂණ කරලා බලයි එය සැකකටයුතු ගනුදෙනුවක් ද කියලා. මම මූල්‍ය අවභාවිතය පිළිබඳ සොයා බලන ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති විතරයි. එහෙම වුණාට මම දන්නේ නැහැ. ඒ නිසා මට අත ගහන්නවත් බැහැ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com