master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දැරියක කෙළෙසන්න හැදූ පුද්ගලයෙක් කොටුවෙයි - ළමා දිනයේදී ලැගුම් හලකට අරන් ගිහින්


2018-10-04 08:13:29 -  930 යි

හෝටල් හිමිකරුවාත් දැලේ

ලෝක ළමා දිනය යෙදී තිබුණු පසුගිය (01) වන දින අවුරුදු 12 ක බාලවයස්කාර දැරියක රවටා අකුරැස්ස ප‍්‍රදේශයේ ලැගුම් හලකට රැුගෙන ගොස් අතවර කිරීමට සූදානම් වූ පුද්ගලයකු සහ ඊට ආධාර අනුබල දුන් හෝටල් හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව අකුරැුස්ස පොලිසිය පැවසීය.

බාලවයස්කාර දැරිය එම ප‍්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක සේවය කළ 22 හැවිරිදි තරුණයකු සමග පේ‍්‍රම සබඳතාවයක් පත්වා ඇති අතර, දැරිය සිය මවගේ ජංගම දුරකථනයෙන් පෙම්වතා සමග දින කිහිපයක් සංවාදයේ යෙදී ඇති අතර පෙම්වතාගේ ඉල්ලීමකට අනුව අකුරැුස්ස නගරයට පැමිණ ඇති අතර පසු ගිය (01) වන දින දෙදෙනා අකුරැුස්ස බස්නැවතුම්පළ අසලදී මුණ ගැසීමෙන් අනතුරුව ඔවුන් බංගම ප‍්‍රදේශයේ ලැගුම් හලක් වෙත පැමිණ ඇත.

එම අවස්ථාවෙහි අකුරැුස්ස පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අජිත් නිශ්ශංක මහතා වෙත ලද නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව කි‍්‍රයාත්මක වූ පොලිස් නිලධාරීහු පිරිසක් ලැගුම් හල වටලා දැරිය, තරුණයා සහ ලැගුම් හලේ කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් බාල වයස්කාර දැරිය ගෙන් කළ ප‍්‍රශ්න කිරීම් හමුවේ ලෝක ළමා දිනය වෙනුවෙන් පාසලට පැමිණිමේ දී පාසල් නිල ඇඳුම අනවශ්‍ය බව විදුහල්පතිවරයා සඳහන් කිරීම හේතුවෙන් පාට ගවුමක් හැඳ පාසලට යනවා යැයි දැරිය සිය මවට පවසා ඇත.

සිය පෙම්වතා තමා සමග කතා කිරීමට බස්නැවතුම් පොළ සුදුසු ස්ථානයක් නොවන බව පවසා තමා ලැගුම් හලක් වෙත රැුගෙන ගිය බව දැරිය විසින් පොලිසියට ප‍්‍රකාශ කර ඇත.

අත්අඩංගුවට පත් තරුණයා හා ලැගුම් හල් කළමනාකරු පසුගිය (02) දින අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජී.එච්. මාරපන, සහකාර පොලිස් අධිකාරි රොහාන් පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ අකුරැුස්ස පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අජිත් නිශ්ශංක මහතාගේ මෙහෙයවීමෙන් උ.පො.ප. එම්. රණතුංග, පො.කො. උදය කුමාර (53832) ලසන්ත (68858) කා.පො.නි. මදුෂානි (2272) යන නිලධාරීහු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com