master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වැලි ලොරිය ඇල්ලූ පොලිස් නිළධාරියාට OIC ගෙන් කුණු බැනුම්..! දියණිය හඬා වැටෙද්දී පොලිස් නිළධාරියා වෙඩි තබාගැනීමට යයි..! (VIDEO)


2018-10-03 16:25:10 -  1937 යි

ශ්‍රී ලංකා පොලිස් සේවයේ නියුතු නිළධාරීන් විසින් නීතිය හා සාමය ආරක්ෂා කරන්නට සිදු කරන කැපවීම අප අගය කළ යුතු වනවා. තම රැකියාවෙන් ඔබ්බට ගොස් තම වගකීම යුතුකමක් සේ සළකා ක්‍රියා කරන පොලිස් නිළධාරීන්ද  පසුගිය දිනවල අප ඇගයීමට ලක්කළා. කෙසේ නමුත් පොලිස් නිළධාරීන් අතර සිටින ඇතැම් නිළධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවේම ගෞරවය පිරිහීමට ලක්වනවා.

එවන් වූ සිදුවීමක් පිළිබඳව මේවන විට සමාජ මාධ්‍ය හරහා දැඩි කතා බහට ලක්වෙමින් පවතිනවා. ඒ තෙබුවන පොලීසියේ නිළධාරියෙකු විසින් වැලි ලොරියක් අත්අඩංගුවට ගත් අවස්ථාවකදී පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අදාළ වැලි ලොරියේ රියදුරා ඉදිරිපිටදීම එම පොලිස් නිළධාරියාට බැන වැදීමේ සිදුවීමක්.

තම සේවය අකුරටම ඉටුකල අවසානයේ වැරදිකරුවන් ඉදිරියේ දඬුවමට ලක්වූ පොලිස් නිළධාරියා තෙබුවන හන්දියේදී වෙඩි තබාගැනීමට සූදානම් සිටින වීඩියෝවක්ද මේ වනවිට සමාජ ජාලා හරහා හුවමාරු වනවා. එසේම පොලිස් නිළධාරියාගේ පෙරපාසල් යන දියණියද එම ස්ථානයේ සංවේදීව සිටින ආකාරය එව වීඩියෝවේ දැක්වෙනවා.

මේ සම්බන්ධයෙන් නෙත් ගොසිප් තෙබුවන පොලිසියෙන් විමසීමක් කිරීමට උත්සාහ කලද එය අසාර්ථක වූ අතර ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සියළු තොරතුරු වාර්තා කිරීමට අප සූදානම්.

 

එම අවස්ථාවේ වීඩියෝව

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com