www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නිවසින් පැන ගොස්‌ අතරමංවූ දරුවාට දින 07ක්‌ තිස්‌සේ ලිංගික අතවර කර මිතුරන්ට දිනකට රුපියල් දාහක මුදලට විකුණලා!


2018-10-03 15:38:00 -  539 යි

නිවසින් පැන ගොස්‌ අතරමංවූ 13 හැවිරිදි පිරිමි දරුවකු රවටා ගෙන ගොස්‌ දින කීපයක්‌ බරපතළ ලෙස අපයෝජනයට ලක්‌කර තවත් පුද්ගලයන්ට මුදලට විකුණූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් පේරාදෙණිය පොලිසිය ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහනුවර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඉංදික අත්තනායක මහතා විසින් ලබන 16 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

යටිනුවර කොබ්බෑකඩුව විද්‍යාලයේ ඉගෙනුම ලබන මෙම දරුවා සිය දෙමාපියන් සමග අමනාපව ඉකුත් සතියේ නිවසින් පැනගොස්‌ කොළඹ කොටුවට පැමිණ කොටුව දුම්රිය ස්‌ථානයේ රැඳී සිටියදී දරුවා සමග මිතුරුවූ අදාළ පුද්ගලයා දරුවා රැගෙන පාලු පෙදෙසක දුම්රිය දෙපාර්තමේන්තුව අතහැර දමන ලද ආරක්‍ෂක කුටියකට ගෙන ගොස්‌ දින 07 ක්‌ තිස්‌සේ බරපතළ ලෙසට ලිංගික අපයෝජනයට ලක්‌කොට ඔහුගේ මිතුරන්ට දිනකට රුපියල් දාහකට බැගින් විකුණා තිබූ බව පොලිසිය අනාවරණය කර ගෙන ඇත.

දරුවාගේ මව විසින් තම දරුවා අතුරුදන්ව ඇති බවට පේරාදෙණිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් කරන ලද විමර්ශනයේදී මෙම දරුවා කොටුව දුම්රිය ස්‌ථානයේ පාලු ප්‍රදේශයක සිටින බවට තොරතුරු ලැබීමෙන් පසුව කොළඹ කොටුව පොලිසිය හා එක්‌ව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දරුවා මේ වන විට මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන අතර මේ පිළිබඳව පේරාදෙණිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මහින්ද කල්දේරා මහතාගේ උපදෙස්‌ මත පො. සැ. බී. එම්. ආර්. සෙනවිරත්න (81074) පො. කො. ඡේ. එම්. ජයසූරිය (10729), කාන්තා පොලිස්‌ පරීක්‍ෂිකා දීපා හේමමාලි යන නිලධාරිහු මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වනු ලැබූහ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com