master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

දෙදරු මවක්‌ FACEBOOK තරුණයකු සමග පෙම් කෙළියේ; නිවසකදී සැමියාට මාට්‌ටු; පොලිසියේදී සැමියා අසරණ කර තරුණයා සමග යන්න යයි!


2018-10-03 15:03:02 -  728 යි

අම්පාර ප්‍රදේශයේ පදිංචි 34 වියෑති දෙදරු මවක්‌ ගාල්ල ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයකු සමඟ මුහුණු පොතෙන් මිත්‍ර වී ගලේවෙල ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී පසුගිය 24 වැනි දින සැමියාගේ අතටම අසුවීමේ පුවතක්‌ ගලේවෙල පොලිසියෙන් වාර්තා වේ.

මෙම කාන්තාවට අවුරුදු 09 ක්‌ හා 06 ක්‌ වයසැති දියණියක්‌ හා පුතෙකු සිටින බව වාර්තා වේ. සැමියා හමුදා සෙබළෙකි. හදිසියේ අතුරුදන්ව සිටි සිය බිරිඳ දින ගණනාවක්‌ තිස්‌සේ සොයා අවසානයේදී ගලේවෙල ප්‍රදේශයේ කුලියට ගත් නිවසක රැඳී සිටියදී සොයා ගැනීමට හැකිවී ඇත. ඒ අවස්‌ථාවේදී ඔහු බිරිඳගේ හා තරුණයාගේ ඡායාරූප කිහිපයක්‌ද ගෙන 119 දුරකථනයට ඇමතුමක්‌ දී ඇත. අනතුරුව පොලිස්‌ නිලධාරීන් පැමිණ ඔවුන් දෙදෙනා පොලිසියට රැගෙන ගොස්‌ ඇත.

එහිදී ගලේවෙල පොලිස්‌ ස්‌ථානයේ පාලන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියශාන්ත බණ්‌ඩාර මහතා ඔවුන්ට මෙසේ අවවාද කළේය. "තමුන් කුඩා දරු දෙදෙනකුගේ මවක්‌. මෙවැනි මෝඩ තීරණ නිසා දුක්‌විඳින්නේ පැත්තක සිටින අහිංසක දරුවන්. මෙවැනි තීරණ ගන්නා කාන්තාවන්ට අවසානයේ හිමි වන්නේ මහ පාරයි. අපි එවැනි සිද්ධීන් අහලා තියෙනවා, දැකලා තියෙනවා. ඒ නිසා අනුවණ තීරණ ගෙන පසුවට පසුතැවිලි වෙන්න එපා. බුද්ධිමත් තීරණයක්‌ ගන්න. (තරුණයාට) තමන්ද කරලා තියෙන්නේ බරපතළ වරදක්‌. ගැලපෙන තැනකින් විවාහයක්‌ නොකරගෙන අනුන්ගේ කුරුළු කූඩුවක්‌ කැඩීම බරපතළ පාපයක්‌. තමුන් මීට වඩා හිතුවා නම් මේ ප්‍රශ්නය මෙච්චර දුර යන්නේ නෑ" යෑයි පැවසීය.

කෙසේ වෙතත් අවසානයේදී මේ කාන්තාව තම සැමියා සමග යැම ප්‍රතික්‍ෂේප කොට තරුණයා සමග ජීවත්වීමට කැමැත්ත ප්‍රකාශ කළාය. අනතුරුව අවශ්‍ය නම් අධිකරණයේ නඩුවක්‌ පවරා මේ ගැටලුව විසදා ගන්නා ලෙස පොලිස්‌ පරීක්‍ෂකවරයා කාන්තාවගේ සැමියාට උපදෙස්‌ දුන්නේය. සැමියා සිය හිස බිමට පාත් කරගෙන පොලිස්‌ ස්‌ථානයෙන් බැහැරව ගියේ නිවසට ගොස්‌ සිය දරුවන්ට කියන්නේ කුමක්‌ද? යන්න කල්පනා කරමින් යුතුවය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com