www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බුදුපිළිමය තිබ්බාට සරසවියට ඇතුල්වීම තහනම් කළ සිසුන් 5 දෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට


2018-10-02 17:07:31 -  434 යි

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ නේවාසිකාගාරයක් තුළ බුදු කුටියක් තැන්පත් කිරීමට කටයුතු  කළේ යැයි චෝදනා කරමින් තමන්ට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තහනම් කිරීමට එහි පාලනාධිකාරිය ගෙන ඇති තීරණය තුළින් මූලික අයිතීන් කඩ වන බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා එම විශ්වවිද්‍යාලයේ සිසුන් පස් දෙනෙකු විසින් අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

එම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිංහල ජාතික සිසුන් හතර දෙනෙකු සහ දෙමළ ජාතික සිසුවෙකු විසින් මෙම පෙත්ම් ගොනු කරුණු ලැබුවා . 

එහි වගඋත්තරකරුවන් ලෙස යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු නව දෙනෙකු නම් කර තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාවේ පිහිටි ව්‍යාපාර කළමනාකරණ හා මානව සම්පත් පීඨයේ නේවාසිකාගාරයේ බුදු කුටියක් තැන්පත් කිරීමට තමන් ඇතුළු පිරිසක් ඉකුත් ජනවාරි මස 29 සූදානම් වූ බවත් එය වැලැක්වීමට නේවාසිකාගාර පාලකවරයා පියවර ගත් බව පෙත්සම්කරුවන් පවසයි .
 
විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මේ සම්බන්ධයෙන් තමන් වෙත චෝදනා එල්ල කොට තමන්ට විශ්වවිද්‍යාලයට ඇතුළුවීම  තහනම් කර ඇති බව ඔවුන් පවසා සිටී.

මේ හේතුවෙන් තමන්ට විශ්වවිද්‍යාලය තුළ පැවැත්වෙන විභාග සඳහා පෙනී සිටීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව පෙත්සම්කරුවන් චෝදනා කර සිටි .

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com