www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාරේ යමින් සිටි කාන්තාව කාණුවට ඇද දමා දූෂණය කරලා - එක් සැකකරුවෙක් අල්ලයි


2018-10-02 13:45:53 -  1281 යි

පෞද්ගලික ආයතනයක සේවයට ගොස් සේවය නිමවා යළි නිවස වෙත යමින් සිටි කාන්තාවක්ව මාර්ගය අයිනේ කාණුවක් තුළ දූෂණයට ලක් කිරීමේ පුවතක් වාර්තා වෙනවා.

තණමල්විල සෙවනගල පොලිස් බල ප්‍රදේශයේ වැලිආර කිරිවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48ක කාන්තාවක් මෙම සිද්ධියට මුහුණ දී තිබෙනවා. 

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් ඇය මාර්ගය අසල ඇති කාණුවකට ඇද දමාගෙන බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කර තිබෙනවා.

මෙම කාන්තාව සිද්ධිය සිදු වන අවස්ථාවේදී කෑ ගසමින් උදව් ඉල්ලා ඇති අතර පසුව එම ස්ථානයට ගම්වාසීන් පැමිණ ඇති අතර ගම්වාසීන් විසින් එක් සැකකරුවකු සහ යතුරුපැදිය අල්ලාගෙන සෙවනගල පොලිසිය වෙත භාර දී තිබෙනවා.

අනෙක් සැකකරු කාන්තාවගේ ගෙලෙහි තිබූ රුපියල් හතලිස් දහසක් පමණ වටිනාකමකින් යුත් රං මාලයද කොල්ලකා පලාගොස් තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කෙරෙන අතර අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රදේශයේම පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා. සැකකරු ඇඹිළිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර සිටිනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com