master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නාමල් රාජපක්ෂගේ කුරුණෑගල චාරිකාව


2018-09-26 11:34:24 -  503 යි

ලංකාවේ විධායක ජනාධිපති ධුරයට මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා 2030 වන විට අනිවාර්යයෙන්ම පත්වෙනවා යැයි පේන කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතියක පෙර සිටම සැප්තැම්බර් 25 ( ඊයේ ) වන තෙක් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සිරගතවීම ඉලක්ක කොටගෙන පෙර සූදානමක ආරම්භයක් පටන්ගත් බව  දැනගන්නට ලැබී තිබේ. 

සතොස මුදල් වංචාවකට හසුවෙමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිරගත කිරීම නිමිත්තෙන් කුරුනෑගල පොහොට්ටු කණ්ඩායම ඔහුව බේරාගැනීමට නීතියේ ආධිපත්‍යද වෙනස් කිරීමට උත්සහ කරමින් විවිධ වැඩසටහන් වල නිරත වූ    බව දැනගන්නට ලැබී තිබේ. ඒ  හේතුවෙන් කුරුනෑගල බෞද්ධාලෝක විහාරස්ථානයේ සැප්තැම්බර් 25 ( ඊයේ ) මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආශීර්වාද පූජාවක් මෙන්ම සත්‍යක්‍රියාවක් කිරීමට මෙම පොහොට්ටු කණ්ඩායම සැලසුම් කර තිබුණි. අද දින එම පූජාව වර්ෂාව මද්‍යයේ සිදුකරගැනීමට හැකිවූවත් පසුගිය සති දෙක තුළදී මෙම අවස්ථාවට ජන බලය රැස්කිරීමට කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ගමින් ගමට ගිය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට රසබර සිද්ධීන් වලට මුහුණ   දෙන්නට සිදුවී ඇතැයි ආරංචි මාර්ග පවසයි.

 

කුලියාපිටිය නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතාගේ නිවසින් පටන්ගත් මේ රැස්වීම් මාලාව ඉවර වුනේ 23 වෙනි දින ජයරත්න හේරත් හිටපු අමාත්‍යතුමාගේ නිවසින් නාමල් රාජපක්ෂ මහතා මිදී ගෙඩියකින් සප්පායන් වීමෙන් පසුව බව දැනගන්නට තිබේ  

 

කෙසේ වෙතත් කුලියාපිටිය සමන්ප්‍රිය හේරත් මන්ත්‍රීවරයාගේ ගෙදරින් ආරම්භ කරපු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා කතාව ආරම්භ කරන්නට විය. හදිසියේම සමන්ප්‍රිය මන්ත්‍රීවරයාගේ ආධාරකරුවෙක් සභාවේ සිට ඔයා මොකටද කතාකරන්නේ ඔයා තමයි දෙපැත්ත කොටවන්නේ, ලැජ්ජා නැතුව කුලියාපිටියට ඇවිත් මොනවද මේ කතාකරන්නේ යනුවෙන් සාලින්ද දිසානායක මහතාට වේගයෙන් පරිභව කරගෙන ගොස් ඇතැයි දැනගන්නට ලැබී  තිබේ. එහිදී වේදිකාවෙන් බැස ආ සමන්ප්‍රිය හේරත් මන්ත්‍රීවරයා එපා එපා කෑගහන්න නාමල් මන්ත්‍රීතුමා ඇවිල්ලනේ ඉන්නේ යනුවෙන් ඔහුව සමතයකට පත්කොට පිටත් කර යැවූ බව ආරංචි මාර්ග පවසයි.

 

කුලියාපිටියෙන් බින්ගිරියටත් බින්ගිරියෙන් හෙට්ටිපොලටත් හෙට්ටිපොලින් වාරියපොලටත් මේ ජොනී වෙනුවෙන් සටන්කරන සෙබළුන් පැමිණෙද්දී හදිසියේම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තමන්ගේ වාහනයේ ලඟම සිටි මිතුරා අමතා '' අපේ බැකප් එක පහුකරගෙන අර රේස් යන්නේ කවුද. කික් වෙලා මිනිස්සුන්ගේ බැනුම් අහන්නේ නැතුව ශේප් එකේ ඩ්‍රයිව් කරන්න කියලා පණිවිඩයක් යවන්න යනුවෙන් පවසා ඇතැයි ආරංචි මාර්ග පවසයි''. ඒ ජොනී ඇමතිතුමාගේ සෙට් එකේ ලෑන්ඩ් කෘෂර් එක. ඕක බිංගිරියට එනකොට ආපු වේගෙට ටයර් පන්ච් එකකුත් ගියා. වටේ මිනිස්සුත් බලනවා බීලද ඩ්‍රයිව් කරන්නේ කියලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මිතුරා පෙරලා පවසා ඇතැයි දැනගන්නට තිබේ. 

 

වාරියපොළ රැස්වීම සංවිධානය කර තිබුනේ පළාත් මන්ත්‍රී ඩී. බී. හේරත් මහතාය. අනෙක් රැස්වීම් වලට වඩා සෙනග අඩුම රැස්වීම නේද මේක යැයි සමන්ප්‍රිය හේරත් මන්ත්‍රීවරයා දුරකථනයෙන් කතාකොට පැවසු බව දැනගන්නට තිබේ. කෙසේ වෙතත් එම රැස්වීමේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වෙනුවෙන් ආගමික අනුශාසනාව ඩී. බී හේරත් මන්ත්‍රීවරයා විසින්ද දේශපාලන කතාව වයඹ පළාත් අධිකරණ සංඝනායක රැකව ජිනරතන නායක හාමුදුරුවන් විසින්ද පැවැත්වීම විශේස කාරණාවකට හේතුවූ බව වැඩිදුර ආරංචි මාර්ග පවසයි.

 

ඉන්පසුව කටුගම්පල, හිරියාල සහ ගල්ගමුව ප්‍රදේශ සංචාරය අතරතුරදී  නාමල් රාජපක්ෂ මහතාගේ මුවට සිනහව පහලවුයේ හදිසියේම රෝගාතුරව සිටින වයඹ පළාත් සභා මන්ත්‍රී කුමාර කීර්ති මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමට ඔහුගේ ගෙදරට ගොඩවූ වේලාවේය. එම අවස්ථාවේ හිටපු අමාත්‍ය ජයරත්න හේරත්, වයඹ පළාත් සභා මන්ත්‍රී බණ්ඩාර රාජපක්ෂ සහ වයඹ පළාත් සභා මන්ත්‍රී ඩී. බී. හේරත් මහතාද කතාවට එක්වූ නමුත් කුමාර කීර්ති මන්ත්‍රීවරයා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ හිටපු අමාත්‍ය ජයරත්න හේරත් මහතා සමග පමණක් සොපාවේ ඉඳගෙන කතාකරමින් සිටිද්දී ඩී. බී හේරත් මන්ත්‍රීවරයා සිටගෙනම කටවල් දිහා බලාගෙන සිටියේ තමන්ට වාඩිවීමට ආරාධනාවක් නොලැබුණු නිසොදෝ යැයි සිතා වෙන්නට ඇතැයි දැකගන්නට ලැබී තිබී ඇත.

 

කෙසේවෙතත් 23 වෙනිදා ගල්ගමුවෙන් කුරුණෑගල ආසනයේ ජනබලය රැස්කිරීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හිටපු අමාත්‍ය ජයරත්න හේරත් මහතාගේ නිවසට පිටත් වන්නට විය.එදින උදේ කාලයේ සිට කුරුණෑගල සමහර ප්‍රදේශවල විදුලි බලය නොමැති වූ හෙයින් ජයරත්න හේරත් මහතාගේ පුත් වයඹ පළාත් සභා මන්ත්‍රී පියුමාල් හේරත් මහතා ජෙනරේටරය පණගන්වමින් ඒ මේ අත දුවමින් රැස්වීම සංවිධානය කිරීමට කටයුතු කර ඇතැයි ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් දවල් දොළහ පසුවී නාමල් රාජපක්ෂ මහතා එම භූමියට පැමිනෙනවත් සමගම බලාගෙන යනකොට ජොනි මන්ත්‍රීතුමාට සෙනග ගෙන්නලා තියෙන්නේ පියුමාල්ලා විතරයි වගේනේ යනුවෙන් සාලින්ද දිසානායක මන්ත්‍රීවරයා දෙස බලා පවසා ඇති බව ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් රැස්වීම අතරතුරේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නියෝජනය කරන පිරිස ජයරත්න හේරත් මහතාගේ නිවසේ මුළුතැන් ගෙයට එබී බලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ කෑම ගැන විමසා බැලූ බව දැනගන්නට තිබේ. එහිදී එම කණ්ඩායමේ පුද්ගලයෙකු ජයරත්න ලොක්කනම් හැම ජාතියේම කෑම ලැහැස්ති කරලා වගේ, අපිටත් අද මිදී ගෙඩියක් කන්න චාන්ස් එකක් ලැබෙයි යනුවෙන් පවසා ඇතැයි වැඩිදුර ආරංචි මාර්ග පවසයි.

 

මෙම රැස්වීම් අවසානයේ 25 වෙනි දින ( ඊයේ ) මේ සියළු පිරිස් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල බෞද්ධාලෝක විහාරස්ථානයට පැමිණියේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වෙනුවෙන් ආශීර්වාද පූජාව පැවැත්වීමටය. එහිදී කුරුණෑගල ගමේ උපන් කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ මහතාද තමා විසින් රචිත ''අයිතිකාරයෝ භාරනොගත් ලියුම් සියයක්'' පොත් කට්ටලයක්ද රැගෙනවිත් තිබු බව දැනගන්නට  ලැබී තිබේ. වර්ෂාව ආශීර්වාදයක් වූවා යැයි පවසමින් ප්‍රභූ පිරිස ජොන්ස්ටන් මන්ත්‍රීවරයාට සෙත් පතා පිටව ගොස් තිබු බව වැඩිදුර ආරංචි මාර්ග පවසයි.

 

උපුටා ගැනීමකි

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com